Monday, March 7, 2011

කන්තලේ අලි පැටවුන් 4ක් මරුට


පරපෝෂිත පණු රෝගයක් හේතුවෙන් කන්තලේ අලි පාලන බල ප්‍රදේශයේ අලි පැටවුන් තිදෙනකු මියගොස් ති‍බේ. පසුගිය ගංවතුරත් සමග තණකොළවල වර්ධනය වූ පරපෝෂිතයකු සමග තණකොළ කෑම නිසා ඇති වූ පණු රෝගවලින් අලි පැටවුන් මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය කියයි.
මේ අතර නියපොතු කුණුවීමෙන් තවත් පැටවකු මියගොස් ඇත.

කන්තලේ සිරිමංගලපුරවෙරුගල් හා සාම්පූර් කැලෑවල සිටි මේ පැටවුන් සිව්දෙනාම වයස අවුරුදු පහට අඩු බවද අසනීප තත්ත්වයේ පසුවූ තවත් පැටවකු ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලැබූ බවද පසුගිය කාල සීමාව තුළ ප්‍රදේශයට බලපෑ ජල ගැලීම් තත්ත්වයත් සමගම එම පණු විශේෂය ප්‍රදේශය පුරා ව්‍යාප්තව ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත් වූ පශු වෛද්‍ය ජේ.ඒ.පී. විජේකුමාර මහතා පවසයි.