Tuesday, September 25, 2012

ගෝන මස් කන්න බැරිවේ

(උපුටා ගැනීම : http://lankadeepa.lk/index.php/articles/66671 )

යාල වනෝද්‍යානයේ සිටි මී ගවයකු තරම් විශාල ගෝනකු හා මුවන් තිදෙනකු මරා කැන්ටර් ලොරියකින් රැගෙන යද්දී කතරගම, කටගමුවේ යුද හමුදා රෙජිමේන්තුවෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලය කියයි. මෙතරම් ලොකු ගෝනකු සංචාරකයක් පවා දැක නැත. ලූතිනන් කර්නල් එච්.ඒ. ලක්ෂ්මන් මේ වැටැලීම මෙහෙයැවීය.

අද අලූයම සිදුකළ වැටැලීමේදී සැකකරුවන් තිදෙනකු පලාගිය බවද කියති.







Thursday, September 20, 2012

අලි -ඇතුන් ගේ නිජබිම වන කලාවැව වනසද්දී බලධාරීන් නිහඬයි.


කහල්ල - පල්ලෙකැලේ අභය භූමියට අයත් කලාවැවේ වැලි කැනීම,පස් කපා ඉවත් කිරීම,ගස් කැපීම හා හෝටල් ඉදි කිරීම ඇතුළු හානිකර හා නීති විරෝධී ක‍්‍රියා රැුසක් මේ වන විට සිදු කෙරෙමින් පවතී.වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පසුගිය දිනවල වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්  කර  බැකෝ  යන්ත‍්‍ර  ආධාරයෙන්  රොන්මඩ  ඉවත්  කිරීම  ආරම්භ  කෙරින.මීට  අමතර  ව  වැව ඉහත්තාවේ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් වැලි කැනීම් කටයුතු ද සිදු කෙරෙමින් පවතී.වැව් ඉහත්තාවේ සහ වැව් පිටියේ තැනින් තැන විශාල වල වල් සැකසෙන පරිදි වැලි කැනීම් සිදු කර තිබේ.
මීට අමතර ව වැවෙහි කුඹුක් ශාක ඉවත් කිරීම ද රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම සිදු කෙරෙමින් පවතී.මේ හානිකර තත්ත්වයන් සියල්ලටම හේතු සාධක වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැරැුදි දේශපාලන තීන්දුවක් මත පදනම් ව වැවේ රොන්මඩ ඉවත් කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම ය.රොන්මඩ ඉවත් කිරීම  සඳහා යොදා ගන්නා  බැකෝ යන්ත‍්‍ර අධාරයෙන් ම  වැලි කැනීම්  කටයුතු ද මේ වන විට ඉතාම හානිකර ලෙස සිදු කෙරෙමින් පවතී.නමුත් කිසිදු අධීක්ෂණ ක‍්‍රියාවලියක් හෝ නිසි සැලසුමක් නොමැති ව රොන්මඩ ඉවත් කිරීමේ කාර්යය සිදු කරන නිසා මේ කිසිදු හානිකර තත්ත්වයක් පාලනය කිරීමට අදාළ නිලධාරීන්ට නොහැකි වී ඇත.900
මේ  හානිකර  තත්ත්වයන්  හේතුවෙන්  අලි  -ඇතුන්  බහුලව  ජීවත්  වන  මේ  ප‍්‍රදේශයේ  එම  සතුන්  ගේ පැවැත්මට හානිකර තත්ත්වයන් රැුසක් ඉදිරියේ දී උද්ගත වනු ඇත.වැව ඉහත්තාවේ තැනින් තැන විශාල වලවල් සැකසෙන පරිදි අක‍්‍රමවත්ව වැලි කැනීම් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂා කාලයේ දී කලා වැව ජලයෙන් පිරුණු විට ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පැමිණෙන අලි - ඇතුන් මේ වලවල් තුළට වැටීමෙන් මරණයට පත් වීමේ හැකියාව පවතී. දැනට රොන්මඩ ඉවත් කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීම හේතුවෙන් හා කැනීම් කටයුතු සඳහා බැකෝ යන්ත‍්‍ර භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජලය අහිමි වී බියට පත් වී ඇති මේ සතුන් අවට ප‍්‍රදේශ පුරාම විසිරීම සිදු වී ඇත.
විශේෂයෙන්  ම  ජුනි,ජූලි,අගෝස්තු,සැප්තැම්බර්  මාසවල  පවතින  නියං  කාලගුණික  තත්ත්වය  තුළ  දී කහල්ල -පල්ලෙකැලේ අභය භූමිය හා ඒ අවට විශාල ප‍්‍රදේශයක සිටින අලි - ඇතුන් 150 ත් 200 ත් අතර ප‍්‍රමාණයක් කලා වැව වැව් පිටියට එක් රැුස් වේ. එසේ එක්රැුස් වන අලි - ඇතුන් ගේ බෝ වීමේ ක‍්‍රියාවලිය සිදු වන්නේ මේ ප‍්‍රදේශය තුළ දී ය. එම ප‍්‍රදේශය අලි - ඇතුන් ගේ බෝ වීම සිදුවන ජීව විද්‍යාත්මකව ඉතාම වැදගත් ප‍්‍රදේශයකි. එම කාල පරාසය තුළ දී ම වැවේ ජලය ඉවත් කර යන්ත‍්‍ර සූත‍්‍ර ආධාරයෙන් වැවේ කැනීම් කටයුතු සිදු කිරීමෙන් අලි - ඇතුන් ගේ බෝවීමේ ක‍්‍රියාවලියට හා ගහනයේ පැවැත්මට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිබේ. මේ තත්ත්වය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අවබෝධ කර ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.

මීට අමතර ව මේ කැනීම් කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ගල්කිරියාගම, කලාගම, උදුරව, කිරලව, කිරිඳිවත්ත හා පලාගල යන ගම්මානවලට අලි - ඇතුන් පිවිසීම සිදු ව තිබේ. වාසස්ථාන අහිමි වීමෙන් ගම්වදින අලි - ඇතුන් ගෙන් වගා හානි හා ජීවිත හානි සිදු වීමේ දැඩි අවධානමක් මේ වන විට උද්ගතව තිබේ.කලාවැවේ රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම කුඹුක් ශාක ඉවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පක්ෂීන් ලැඟුම් ගන්නා ස්ථාන අහිමි වෙමින් පවතී. මෙය අභය භූමියේ පක්ෂි ගහනයේ පැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකි ය.
මේ  තත්ත්වයන්  මෙසේ  පවතිද්දී  කහල්ල  -පල්ලෙකැලේ  අභය  භූමිය  තුළ  කලාවැව  ආසන්නයේ අනවසරින්  හා  නීති  විරෝධී  ලෙස  හෝටල්  දෙකක්  ඉදි  කෙරෙමින්  තිබේ.කලාවැවේ  ධීවර  ගම්මානය ආශ‍්‍රිතව  වනාන්තර ප‍්‍රදේශය  තුළ  බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට අයත් මේ  හෝටලය ඉදි කරමින් පවතී.ඊට පිවිසීම සඳහා මාර්ගය සකස් කිරීම ද මේ වන විට සිදු වේ.
මීට අමතර ව එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා ගේ හිතවතෙකු වන ගල්නෑව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් පලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්සභාගල්මිල්ලෑව ප‍්‍රදේශයේ තවත් හෝටලයක් ඉදි කෙරෙමින් පවතී.අලි ගැවසුම් ප‍්‍රදේශයක් තුළ හා කලාවැවේ ජල ගැලූම් ප‍්‍රදේශ ආශ‍්‍රිත ව මේ හෝටල් ඉදි කිරීම හේතුවෙන් හානිකර තත්ත්වයන් බොහොමයක් උද්ගත විය හැකි ය. මේ හෝටල්වල අපද්‍රව්‍ය ඍජුවම වැවට එක්වීමේ අවධානමක් ද පවතී.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 වන වගන්තියට අනුව අභය භූමියක් තුළ වන සතුන් ගේ වාසස්ථාන විනාශ කිරීම, වන සතුන් බෝවන ස්ථාන විනාශ කිරීම, පස් හා වැලි කැනීම් කටයුතු සිදු කිරීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර ඉදිකිරීම් සිදු කිරීම හා මාර්ග සකස් කිරීම තහනම් වේ.නමුත් මේ නීති විරෝධී ක‍්‍රියා සියල්ලම කහල්ල - පල්ලෙකැලේ අභය  භූමිය  තුළ  පිහිටි  කලාවැව  ආශ‍්‍රිත  ව  අද  වන  විට  සිදු  වෙමින්  පවතී.නමුත්  එම  නීති  විරෝධී ක‍්‍රියාවලට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.
ජාතික  පාරිසරික  පනතට  අනුව  ප‍්‍රකාශිත  1995  පෙබරවාරි  23  වන  දින  අංක  859/14  දරන  ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වැවක උපරිම  පිටාර මට්ටමේ සිට මීටර  100 ක් ඇතුළත හෝ එකී වැව ඇතුළත  යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.නමුත් මේ  නීතිමය  තත්ත්වයන් සියල්ල උල්ලංඝනය  කරමින් කහල්ල  - පල්ලෙකැලේ අභය භූමිය  තුළ කලාවැව ආශ‍්‍රිත ව හෝටල් ඉදිකිරීම, කැනීම් කටයුතු සිදු කිරීම ආදී හානිකර ක‍්‍රියා රැුසක් සිදු වේ.
කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය 1989 ජූලි මස 01 වන දින හෙක්ටයාර 21,690 ක භූමි ප‍්‍රමාණයකින් යුක්ත අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ අභය භූමියේ අලි - ඇතුන් ඇතුළුව ජෛව ප‍්‍රජාව ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා මේ ආශ‍්‍රිත ව සිදුවන සියලූම හානි කර ක‍්‍රියා මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ක‍්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුව ඇත.තව ද වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිසි සම්බන්ධීකරණයකින් යුතුව නිවැරැුදි පරිසර බලපෑම් ඇගයීමකින් පසු ව කලාවැවේ රොන්මඩ ඉවත් කිරීම පියවරෙන් පියවර සිදු කළ යුතු ව ඇත.එසේ නොමැතිව ඉතාම හානිකර ලෙස අද වන විට සිදු කරන මේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් එහි ජෛව ප‍්‍රජාවට සිදුවන හානිකර තත්ත්වය පාලනයට කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු ව ඇති අතර අනෙක් නීති විරෝධී කි‍්‍රයා මැඩ පැවැත්වීමට වහාම කි‍්‍රයාමාර්ග ගත යුතු ව තිබේ.ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය කඩිනමින් ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය
ඡුායාරූප -කුෂාන් ජයවර්ධන

කහල්ල -පල්ලෙකැලේ අභය භූමිය තුළ පිහිටි කලා වැව ඉහත්තාවේ හානිකර ලෙස වැලි කැනීම් සිදු කර ඇති ආකාරය
1
2
3
5

Tuesday, September 4, 2012

වික්ටෝරියා - රන්දෙනිගල - රන්ටැඹේ අභය භුමිය තුල අලි පැටවකු මිය යයි.



ශ්‍රී ලංකාවේ ඡෛව විවිධත්වය මනාවට සුරකි වන සතුන්ගෙන් ගහන වික්ටෝරියා - රන්දෙනිගල - රන්ටැඹේ අභය භුමියේ කුරුදු ඔය අසබඩ මාර්ගය ආසන්නයේ 2012.09.01 දින පෙ.ව 9.00 ට පමණ මිය යන ලද අලි පැටවකු එම අභය භූමියේ සංචාරයේ යෙදුන වයිල්ඩි රීචි පරිසර කණ්ඩායමට හමු විය.

අවට ගමිවාසීන් විසින් මිය යන ලද අලි පැටවා පිළිබද වන ජීවී නිලධාරීන් වෙත එදින උදෑසන දැනුම් දී ඇති අතර ඊට හේතුව ලෙස ගමිවාසීන් දන්වා ඇත්තේ අසල මාර්ගයේ ගමන් ගත් වාහනයකට හසු වී අලි පැටවා මිය ගොස් ඇති බවය.

මිය යන ලද අලි පැටවා ආසන්නයේ කුපිත වූ වැඩිහිටි අලින් තිදෙනෙකු  ප්‍රචන්ඩව හැසිරීම හේතුවෙන් අලි පැටවා නිරීක්ෂණය කිරීමට පැටවා ආසන්නයට ලගා වීම තරමක් දුෂ්කර වුවද, වන නිලධාරීන් විසින් වේඩි ගසා ඔවුන් ඉවතට පලවා හැර පැටවා පරීක්ෂා කිරීමට ඉඩ සලස්වා ගන්නට සිදු වීය.

වන නිලධාරී විඡේකෝන් මහතාගේ අනගි සේවය හා උපකාරයද සමග අලි පැටවා නිරීක්ෂණය කල වයිල්ඩි රීචි හි පරිසරවේදීන් වන අප හට, අලි පැටවා එදින පාන්දර 3-4 අතර කාලයේදී මිය ගොස් ඇති බවත්, ශරීරයේ පිටතින් පෙනෙන්ට කිසිදු තුවාලයක් හෝ අස්ථි භග්නයක් හෝ නිරීක්ෂණය නොවීය. එසේම අලි පැටවා උස අඩි හතර හමාරක් පමණ වන  බවත් වයස අවුරැදු 3 ත් 4ත් අතර වන පසුවන බවත් වන නිලධාරී විඡේකෝන් මහතා පැවසීය. ඒ මෙහොත වන විටත් පැටවාගේ සිරුරේ උණුසුම පැවති බව වයිල්ඩී රීචි හි අප වෙත අනාවරණය විය.

එම ප්‍රදේශය භාරව සිටින පශු වෛද්‍ය නිලධාරීවරයා අනුරාධපුර ප්‍රදේශයේ වෙනත් අත්‍යාවශ්‍ය රාඡකාරී කටයුතත්තකට යොමු වී සිටීම හේතුවෙන් මෙම ලිපිය ලියන මොහොත වන තුරුද, අලි පැටවාගේ මරණ පරීක්ෂණනය පවත්වා ඊට හේතුව අනාවරණය කර ගෙන නොතිබුනි.

ඉතා කුඩා වයසක පසුවන අලි පැටවුන් මරණයට පත් වීමට  බොහෝ විට පණුවන් ආසාදනය වීම හා තල් ඇට ගිල දැමීම ද හේතු විය හැකි බව අප කළ විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය. ඒ අනුව මෙම අලි පැටවාගේ මරණය රිය අනතුරකට ලක් වීම හෝ වෙනත් රෝගී තත්වයක් විය හැකි බව අපගේ අදහසයි..

කෙසේ නමුත් වන අලි සමිපත සුරකීම අපගේ මෙහෙවරක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය කඩිනමින් සිදුකර අලි පැටවාගේ මරණයට හේතුව අනාවරණය කර ගන්නා තුරු වයිල්ඩි රීචි අප බලා සිටින්නෙමු.





Two New Owl Species Discovered In The Philippines



Two new species of owls have been discovered in the Philippines by Michigan State University researcher, Pam Rasmussen.


AsianScientist (Aug. 27, 2012) – Two new species of owls have been discovered in the Philippines by Michigan State University researcher, Pam Rasmussen.

Prof. Rasmussen is the MSU assistant professor of zoology and assistant curator of mammalogy and ornithology at the MSU Museum. According to her, the discovery, which is featured in the current issue of Forktail, the Journal of Asian Ornithology, took years to confirm, but was well worth the effort.
Announcing the finding of a single bird is rare enough, but the discovery of two new bird species in a single paper is almost unheard of.
“More than 15 years ago, we realized that new subspecies of Ninox hawk-owls existed in the Philippines,” she said. “But it wasn’t until last year that we obtained enough recordings that we could confirm that they were not just subspecies, but two new species of owls.”
The first owl, the Camiguin Hawk-owl (photo: right), is found only on the small island of Camiguin Sur, close to northern Mindanao. Despite being so close geographically to related owls on Mindanao, it has quite different physical characteristics and voice. They are also the only owls to have blue-gray eyes.
The second new discovery is the Cebu Hawk-owl (photo: left). This bird was thought to be extinct, as the forests of Cebu have almost all been lost due to deforestation. Study of its structure and vocalizations confirmed that it was a new species.
In fact, it was the unique vocalizations of both owls that confirmed that the new classifications were warranted.
“The owls don’t learn their songs, which are genetically programmed in their DNA and are used to attract mates or defend their territory; so if they’re very different, they must be new species,” Rasmussen said.
“When we first heard the songs of both owls, we were amazed because they were so distinctly different that we realized they were new species.”
The owls have avoided recognition as distinct species for so long because the group shows complex variation in appearance that had been poorly studied, and their songs were unknown. Both islands are off the beaten path for ornithologists and birders, who usually visit the larger islands that host more bird species.
The article can be found at (PDF, 997 kb): Rasmussen PC et al. (2012) Vocal divergence and new species in the Philippine Hawk Owl Ninox philippensis complex.
——
Source: MSU; Photo: Oriental Bird Club/original painting by John Gale.
Disclaimer: This article does not necessarily reflect the views of AsianScientist or its staff.
By :   | Featured Research August 27, 2012