Wednesday, December 19, 2012

හොරගොල්ල ඡාතික උද්‍යානය (wildreach ක්ෂේත්‍ර චාරිකාව - 2012.11.18)

මනරම් කුරුලු ගහනයකට හා සත්ව ප්‍රඡාවකට ශක්තිමත් හා සුවපහසු නිවහනක්ව ඡෛව විවිධත්වය හා සුවිශේෂී පරිසර පද්ධතියක් සහිතව සදාහතරිත තෙත් වනානතරයන් හි ආවේනික හොර ශාකය (Dipterocarpus zeylanicus) බහුලව පැවතිම හේතුවෙන්ම “හොර කැලය” ලෙස ඡනප්‍රවාදයෙන් ද සුවිශේෂිත්වයක් හිමිකරගත් අක්කර 33ක පමණ භූමියක පැතිර පවතින හොරගොල්ල ඡාතික උද්‍යානය නාගරික වටපිටාවක සොබාදහමේ සාඩම්බර උරුමයක් සේ සැලකිය හැකි පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන්නේය. කොළඔ මහනුවර මාර්ගයේ නිට්ටඹුව සිට කිලෝමීටර් 1 පමණ දුරකින් පිහිටා ඇති මෙම වන සම්පත 1973 ඔක්තොම්බර් 05 දින පටන් හොරගොල්ල රක්ෂීතය අභය භූමිය ලෙසට ප්‍රකාශයට පත් වී ඇති අතර වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ 2004 ඡුලි 28 වන දින එකී අභය භූමිය ඡාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වනාන්තර භූමියට පිවිසීමේදී හොරගොල්ල වැව දැකගත හැකි වන අතර සමස්ත වනාන්තර භූමිය තුල වතුර වල දෙකක් සහ කුඩා දියපහරද පවතින අතර විල්මුවා ව්යානපෘතිය ද ක්‍රියාත්මක වන්නේය.

වන වෘක්ෂ හා ලතාවන්ගෙන් බහුල මෙම වනාන්තරය තුලදී හොර, කැකුණ (Canarium zeylanicum) දියපර (wormia triquetra) ගොඩපර (Dillenia retusa) කිතුල් (caryota urens) බට (ochlandra stidula) නැදුන් (pericopsis mooniana) ඇටඹ (mangifera zeylanicus) බෝ (ficus riligiosa) රුක් (horscieldia iryaghedhi) අන්කෙන්ද (acronyehia pedunculata) මිල්ල (vitex Pinnata) මුණමල් (mimusops elengi) දෙල් (artocarpus altilis) වෙලංග (pterospermus canscens) යනාදී තෙත් සදාහරිත වනාන්තර තුලදී බහුලව දැකිය හැකි ශාක දැකගත හැකි වේ. එසේම හිඹුටු, කොරස වැල්, මා වේවැල්, පෝට වැල් හා පුස් වැල් සුවිසාල අතුපතර වෙලී පවතින ආකාරයද පරිසරය විදින්නන් හට චමත්කාරයක් මවා පාන්නේය. නිරිත දිග මෝසමින් තෙත බරිත වන මෙම වනාන්තරය තුල ආහාර ඡලය මෙන්ම රුකවරණය හා සෙවන ද නොඅඩුව පවතින බැවින් වන සතුන්ගේ කදිම නිවහනක් වන බවද කිව යුතුම වේ. මෙම පරිසරය තුලදී හදුන් දිවියා (felis viverrinas) කොලදිවියා (felis rubiginosa phillippsi) මීමින්නන් (tragulus meminna) නරියා (canis aureus lanka) දඩුලේනා (ratufa maccroura) වැනි සතුන් නිබදවම දැකිය හැකි වන්නේය. එපමණක්ද නොව මෙම තෙත බරිත පොලවෙහි වසන පිඹුරා (phthon molurus molurus) තිත්පොලගා (paboia russelii) ගැරඩියා (ptyas mulocus maximus) පොලොන් තෙලිස්සා (hypnale hypnale) දෙපත් නයා (cylindrophis maculatus) හෙල්මල් කරවලා (chrysopelea ornata) ඇහැටුල්ලා (ahactylla nasutus) මූදු කරවලා (bungarus ceylonicus) නයා (naja naja) වැනි සර්ප විශේෂයන්ගේද සුවපහසු වාසභූමියක් ව පවතින්
නේය.

මහා අතුපරත වෙලී ගිය ලතාවන්ගේ සිරි සිරි ගාමින් ඇද වැටෙන පිනි කැට නාදයට රිද්මයක් ගෙන එමින් ගී ගයන කුරුල්ලන් සේම ලංකාවට ආවේනික වූ අලු කෑදැත්තා (ocyceros gingalensis) ගිරා මලිත්තා (loriculus beryllinus) මුදුන් බොර දෙමලිච්චා (pellorneum fuscocapillum) මෙන්ම හිස කලු කොන්ඩයා (pycnonotus melanicterus) අලුගිරවා (psitta cula calthropae), ආසියානු කොහා (Wudynamys scolopacea), ඇටිකුකුලා (centropus sinensis) යන පක්ෂීන්ද මනරම් ලෙස හිමිදිරියේ පටන් නගන නාදයන්ටද සවන් දිය හැකිය. පක්ෂීන්ට අමතරව සමනලුන්, බත්කූරන් හා මකුලු විශේෂයන්ද එකී පරිසරය හා බද්දව වසනු දැකිය හැකි වන්නේය.

උද්යා නයේ පවතින හොරගොල්ල වැව, දිය වල, හා දිය පහර වල සොබා දහම තවත් අපූර්ව කරමින් සුපිරිසිදු ඡලයේ ඡිවත්වන මගුරා (clarias brachysoma) කනයා (labea dussumieri) කොට පෙතියා (puntius filamentosus) අභිරාවා (lepido cephalichthys thermallis) යන මත්ස්යරයින් හදුනාගත හැකිය.

ශාක, වැල්, සතුන්, උරගයින්, පක්ෂීන්, මත්ස්යියින්, කෘමීන්, සමනලුන් ඇතුලු මනා ඡෛව විවිධත්වයක් පවතින්නාවූ මෙම පරිසරය ආශ්රිසතව අධ්යsයනයන් හා පර්යේෂණ සිදුකිරීම සදහාද, පරිසර නිරීක්ෂකයින් සදහාද, පරිසරය රසවිදින්නන් සදහා මෙන්ම මානසික සොයන්නවුන් සදහාද ද සෑම සියලු ආකාරයකින්ම ඉතා වටිනා පරිසරයක් ලෙස මෙම ඡාතික උද්යාමනය හැදින්වීමට අපි මැලි නොවන්නෙමු.

එසේම ජනාවාස වලින් වටවී ඇති මෙම වනාන්තරයට මිනිසාගෙන් ඇතිවන තර්ජනට ද අධිකය ඒවා හමුවේ වනඡීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වනාන්තරය ආරක්ෂාකරනු වස් සිදුකරනු ලබන මහගු කාර්ය භාරයද මෙහිදී කෘතඥතා පුර්වකව සටහන් කරන්නෙමු.