Tuesday, July 2, 2013

෴ ඇසල පෝ දින අනුරපුර පුජා භූමිය පිරිසිදු කිරීම ෴

පුන් පොහෝ දින වල අනුරාධපුර උඩමලුව හා රුවන්වැලිසෑය පූඡා භූමිය වෙත පැමිනෙන බැතිමතුන් විසින් රුගෙන එන පොලීතීන් සහ ප්ලාස්ටික් හේතුවෙන් පසුගිය කාලය පුරාවටම එම පූඡා භූමිය අවට පරිසරයට දැඩි ලෙස හානි වන බව අප හට නිරීක්ෂණය වී ඇත.


එබැවින් එම භූමිය තුලට පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුල්වීම අවම කිරීමේ අරමුනින් විශේෂ වැඩසටහනක් විහාරාධිපති හිමියන්ගේ ද සහාය ඇතිව 2013.07.21 හා 22 යන දෙදින පෙ.ව 8 සිට ප.ව 9 දක්වා අනුරාධපුර පූජා භූමිය තුළ සිදු කිරීමට නියමිතය. 

මෙම සත් කාර්යය සදහා ස්වෙච්ඡා දායකත්වය ලබා දිය හැකි සියලුම දෙනා හට අප ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු. 

ඔබගේ පැමිණීම wildreach@gmail.com වෙත මෙම මස 12 වන දිනට ප්‍රථම නම, හැඳුනුම්පත් අංකය, දුරකතන අංකය, සමග තහවුරු කරන්න. (ආහාර සහ නවාතැන් සපයනු ලැබේ.)

ස්තූතියි෴