Thursday, March 6, 2014

වන සතුන් හා සත්ත්ව කොටස් වලින් ප්‍රතිරූප ගොඩනගා ගන්නා අමනෝඥ්ඥයින් සිටිනාතුරු මෙවන් සත්ත්ව හිංසනයන් වැලික්වීය නොහැක.


අලි ගෘහස්ත කරණය කිරීමේ 'වැඩපිළිවෙලක්'
BBC : 2014 මාර්තු 5 බදාදා - 20:21 GMT

වනාන්තරවල වෙසෙන අලි ගෘහස්ත කරණය කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ රහසිගතව ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මෙසේ අලි ගෘහස්ත කරණය කිරීම හේතුවෙන් අලින් වඳ වී යාමේ බරපතල් අවදානමක් මතු වී තිබෙන බවයි, ඔවුන් පවසන්නේ.

මේ තත්වය යටතේ අලි ගෘහස්ත කරණය කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙල පරාජය කිරීම් වස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් පරිසර හා සත්ව සංවිධාන කීපයක් එක්ව ආරම්භ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ එක්තරා ඉහල පැලැන්තියක් මේ අලි ජාවාරමට හවුල් බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ පුබුදු වීරරත්න බීබීසී සංදේශයට කියා සිටියේය.

ජාත්‍යන්තර සත්ත්ව සුභසාධන භාරයේ සභාපතිනි අයිරාංගනී ද සිල්වා, ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ සභාපති පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමි, ශ්‍රී ලංකා ජෛව විවිධත්ව හා පරිසර කවයේ සභාපති සුපුන් ලහිරු ප්‍රකාශ් ඇතුළු පරිසර හා සත්ත්ව සංවිධාන කීපයක නියෝජිතයෝ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට එක්ව සිටි බව ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

නේපාල රජයට මෙන් අනෙකුත් රටවල රජයන්ටත් පරිසරයේ වටිනාකම වැටහේවා!!!

එවරස්ට් නැග්ගොත් කුණු කිලෝ අටක්
BBC 2014 මාර්තු 3 සඳුදා - 18:37 GMT
එවරස්ට් කඳු මුදුනේ සහ අවට කසල එකතු වීම පිළිබඳව බරපතළ අවධානය

එවරස්ට් කන්ද තරණය කර ආපසු පැමිණෙද්දී එක් පුද්ගලයෙක් අඩු තරමින් කිලෝ ග්‍රෑම් අටක්වත් බරැති කුණු කසල තොගයක් රැගෙන ආයුතු බවට නේපාල රජය නීති පනවා තිබේ.

එවරස්ට් කන්දේ මීටර පන්දහස් තුන්සියයක් පමණ ඉහල කඳවුරු ගැසීම සඳහා වෙන් කර ඇති ස්ථානය පසු කර යන සියළු දෙනාටම මෙම නීතිය වලංගු බවයි නේපාල රජයේ බලධාරියෙක් බීබීසී යට කියා සිටියේ.

කත්මන්ඩු නුවර සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ එවරස්ට් කඳු මුදුනේ සහ අවට කසල එකතු වීම පිළිබඳව රටේ බලධාරීන්ගේ බරපතළ අවධානය යොමු වී ඇති බවයි.