Monday, April 30, 2012
පානදුර මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව ගිලුණොත් අනතුරක් අත ළඟ
පානදුර මුහුදු තීරයේ වසර හතරක පහක සිට නැංගුරම්ලා තිබෙන ඉන්ධන මෙටි්රක් ටොන් තුන්සිය පනහකට අධික දැවි තෙල් සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාව පෙරළී යැමේ අවදානම බරපතළ ලෙස වැඩි වී ඇතැයි පරිසර ආරක්ෂණ අධිකාරිය "දිවයින" ට පැවසීය.
මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අංශක හතරකින් වම්පසට ඇලවී ඇතැයි කලින් වාර්තා වී තිබිණි. එම ඇලවීම දිනෙන් දින වර්ධනය වන බව ද පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
මෙම නෞකාවේ දැවිතෙල් මෙටි්රක් ටොන් 350 ට අමතරව යකඩ පයිප්ප ඇතුළු ටොන් විසිදහසකට ආසන්න භාණ්ඩ ද ඇතැයි සඳහන්ය.
ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී රියර් අද්මිරාල් එස්. ආර්. සමරතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ අදාළ නෞකාවේ ඇති දැවි තෙල් මෙටි්රක් ටොන් 350 කට අධික ප්‍රමාණය සමුද්‍ර පරිසරයට කාන්දුවිය හැකි බවයි. එමගින් මෙරට දැවන්ත සමුද්‍ර හා වෙරාළාසන්න පරිසර හානියක් සිදුවිය හැකි බව පවැසේ.
මේ පිළිබඳව නොවැම්බර් මාසයේ සිටම එම අධිකාරිය විසින් අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත්තේය. කෙසේ නමුත් අනෙකුත් පාර්ශ්වවලින් සිදු සිදු කළ අභියාචනාවලට අනුව අධිකරණයට පැහැදිලි තීන්දුවක් ගැනීමට අපහසු වී තිබිණි. සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය විසින් අදාළ තත්ත්වය පිළිබඳ පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව පරිසර අමාත්‍යාංශය විසින් යළිත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
ඒ අනුව නෞකාවේ භාණ්ඩ ගබඩාකර නෞකාව වෙන්දේසි කිරීමට අවශ්‍ය පියවර ගන්නයි වානිජ මහාධිකරණය පසුගිය 25 වැනිදා නියෝග කරන ලදී.
මේ අතර නාවික හමුදාවේ සහාය සහිතව නෞකාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ඇතැම් කොටස් දිරාපත්ව තිබෙන බවත් ඉදිරි මෝසම් කාලගුණයට පෙර නැව ඉවත් නොකළහොත් දැඩි අවදානම්කාරී තත්ත්වයක් හටගත හැකි බවත් අනාවරණය විය.
2008 - සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අංක 35, දරණ පණත යටතේ මෙම නෞකාව පානදුර මුහුදු තීරයේ අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය අවසරය අධිකරණයෙන් ලබා ගැනීමට සමුද්‍රයීය පරිසර ආරක්ෂණ අධිකාරියට හැකිවී තිබේ.
එහි සාමාන්‍යාධිකාරිවරයා පැවැසුවේ පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වාම නෞකාව පිළිබඳව තම අධිකාරිය නිරන්තරව අවධානයෙන් පසුවූ බවත්. ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් එහි ඇති භාණ්ඩ තොගය ඉවත්කර ඉදිරි පියවර ගැනීම වඩාත් පරිසරයට හිතකර වනු ඇති බවත්ය.
පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් අදාළ නඩු තීන්දුව ලැබුණු වහාම උද්ගතව ඇති අවදානම් තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් වැඩබලන වරාය කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත්බන්දු වික්‍රම සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක යන මහත්වරුන්ව දැනුවත් කරමින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන කටයුතු කරන ලෙස දැනුම් දුන් බව පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ජී. එස්. එම්. කැලුම් ගුණතිලක මහතා "දිවයින" ට පැවැසීය.
http://www.divaina.com/2012/04/30/news01.html
Thursday, April 19, 2012
ලංකාවට අවේනික කොතල හිඹුටු රට පටවන්න හදයි
ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ශාකයක් ලෙස සැළකුණු කොතල හිඹුටු ශාකය අපනයනය කිරීමට රජය මැදිහත්වෙන බව පරිසරවේදී, නීතීඥ ජගත් ගුණවර්ධන මහතා චෝදනා කරයි.
2009 අංක 22 දරණ සංශෝධනය මඟින් Salacia reticulata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර තිබේ. එම වගන්තියට අනුව එම ශාකය සිය ගෙවත්තේ හෝ වෙනත් ඉඩමක හෝ කැළෑවක වැවුනද එය කපා සකස්කිරීමට හෝ අපනයනය කිරීමට හෝ නීතියෙන් අවසර නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. එවන් තත්ත්වයක් පැවතියද වනජීවී සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් එම නීතිය ලිහිල් කිරීමට උත්සාහ දරා ඇතැයි ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
දේශීය කොතල හිඹුටු ශාකය ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදන සඳහා විදෙස් සමාගම් විසින් පේටන්ට් බලපත්‍ර 116ක් පමණ මේ වනවිට ලබාගෙන ඇති අතර කොතලහිඹුටු ශාකයට අදාලව වැඩිම පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්තේද ජපානයයි. Source: Thambapanne.Net
http://youtu.be/N49p4F-9Fas
කොතලහිඹුටු ජපානයට පැටවීමේ ජාවාරමක් (http://sinhalaya.com/news/sinhala/2012/04/20/6328/)
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතින් ආරක්ෂිත ශාක බවට නම් කර ඇති කොතල හිඹුටු ශාකය ජපානයට පැටවීමේ ජාවාරමක් පිළිබඳව පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා විසින් පෙන්වා දෙයි.
මේ පිළිබඳව ඒ මහතා දැක්වූ අදහස් සහිත හඬ පටය ජාතික හෙළ උරුමය මාධ්‍ය ඒකකය විසින් අප වෙත එවා ඇත.
ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතැයි පැවසෙන ලිපිය
කොතල හිඹුටු වලට නීතිවිරෝධි අවසරයක් (http://www.nethfm.com)
පවතින නීති උල්ලංඝනය කරමින් අපනයන අරමුණින් කොතල හිඹුටු වගාකිරීමට ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යංශය ආයෝජනය මණ්ඩලයට අවසර ලබාදී තිඛෙනවා. එම අමාත්‍යංශයේ ලේකම් උදේනී වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කරනු ලැබ ඉකුත් මස 23 වනදා ලියන ලද ලිපියක දැක්වෙන්නේ කොතල හිඹුටු අස්වනු නෙලීමට, වේලීමට, ප්‍රවාහනය හා ගබඩා කිරීමටද ආයෝජන මණ්ඩලයට අවසර ලබාදෙන බවයි. එවැන්නක් සිදුවුවහොත් පාරිසරික හානියක් මෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථීක අවාසියක්ද සිදුවන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා. ඒ මහතා නෙත් ඩේ ටයිම් නිවුස් සම`ග කළ සංවාදයක කොටසක් මේ..........
කොතල හිඹුටු ශාකය දේශීය වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර ස`දහා යොදා ගැනෙනවා. ඒ, මදුමේහය, චර්ම රෝග, සෙංගමාලය සහ ඇතැම් සමාජ රෝගවලට ඖෂධයක් ලෙසයි. මදුමේහය සමනය කළ හැකි ඖෂධීය ගුණාංගවලින් කොතලහිඹුටු සමන්විත බව පසුකාලීන පරීක්ෂණවලින්ද තහවුරු වුණා. ඒ ඇසුරෙන් කෙරෙන නිෂ්පාදනවලට විදෙස් රටවල සමාගාම් විසින් ලබාගෙන ඇති පේටන් බලපත්‍ර සංඛ්‍යාව සියයකට වැඩියි.

Subscribe to:
Posts (Atom)