Thursday, March 6, 2014

වන සතුන් හා සත්ත්ව කොටස් වලින් ප්‍රතිරූප ගොඩනගා ගන්නා අමනෝඥ්ඥයින් සිටිනාතුරු මෙවන් සත්ත්ව හිංසනයන් වැලික්වීය නොහැක.


අලි ගෘහස්ත කරණය කිරීමේ 'වැඩපිළිවෙලක්'
BBC : 2014 මාර්තු 5 බදාදා - 20:21 GMT

වනාන්තරවල වෙසෙන අලි ගෘහස්ත කරණය කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ රහසිගතව ක්‍රියාත්මක වන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මෙසේ අලි ගෘහස්ත කරණය කිරීම හේතුවෙන් අලින් වඳ වී යාමේ බරපතල් අවදානමක් මතු වී තිබෙන බවයි, ඔවුන් පවසන්නේ.

මේ තත්වය යටතේ අලි ගෘහස්ත කරණය කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙල පරාජය කිරීම් වස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් පරිසර හා සත්ව සංවිධාන කීපයක් එක්ව ආරම්භ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ එක්තරා ඉහල පැලැන්තියක් මේ අලි ජාවාරමට හවුල් බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ පුබුදු වීරරත්න බීබීසී සංදේශයට කියා සිටියේය.

ජාත්‍යන්තර සත්ත්ව සුභසාධන භාරයේ සභාපතිනි අයිරාංගනී ද සිල්වා, ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ සභාපති පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමි, ශ්‍රී ලංකා ජෛව විවිධත්ව හා පරිසර කවයේ සභාපති සුපුන් ලහිරු ප්‍රකාශ් ඇතුළු පරිසර හා සත්ත්ව සංවිධාන කීපයක නියෝජිතයෝ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට එක්ව සිටි බව ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

නේපාල රජයට මෙන් අනෙකුත් රටවල රජයන්ටත් පරිසරයේ වටිනාකම වැටහේවා!!!

එවරස්ට් නැග්ගොත් කුණු කිලෝ අටක්
BBC 2014 මාර්තු 3 සඳුදා - 18:37 GMT
එවරස්ට් කඳු මුදුනේ සහ අවට කසල එකතු වීම පිළිබඳව බරපතළ අවධානය

එවරස්ට් කන්ද තරණය කර ආපසු පැමිණෙද්දී එක් පුද්ගලයෙක් අඩු තරමින් කිලෝ ග්‍රෑම් අටක්වත් බරැති කුණු කසල තොගයක් රැගෙන ආයුතු බවට නේපාල රජය නීති පනවා තිබේ.

එවරස්ට් කන්දේ මීටර පන්දහස් තුන්සියයක් පමණ ඉහල කඳවුරු ගැසීම සඳහා වෙන් කර ඇති ස්ථානය පසු කර යන සියළු දෙනාටම මෙම නීතිය වලංගු බවයි නේපාල රජයේ බලධාරියෙක් බීබීසී යට කියා සිටියේ.

කත්මන්ඩු නුවර සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ එවරස්ට් කඳු මුදුනේ සහ අවට කසල එකතු වීම පිළිබඳව රටේ බලධාරීන්ගේ බරපතළ අවධානය යොමු වී ඇති බවයි.

Tuesday, July 2, 2013

෴ ඇසල පෝ දින අනුරපුර පුජා භූමිය පිරිසිදු කිරීම ෴

පුන් පොහෝ දින වල අනුරාධපුර උඩමලුව හා රුවන්වැලිසෑය පූඡා භූමිය වෙත පැමිනෙන බැතිමතුන් විසින් රුගෙන එන පොලීතීන් සහ ප්ලාස්ටික් හේතුවෙන් පසුගිය කාලය පුරාවටම එම පූඡා භූමිය අවට පරිසරයට දැඩි ලෙස හානි වන බව අප හට නිරීක්ෂණය වී ඇත.


එබැවින් එම භූමිය තුලට පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුල්වීම අවම කිරීමේ අරමුනින් විශේෂ වැඩසටහනක් විහාරාධිපති හිමියන්ගේ ද සහාය ඇතිව 2013.07.21 හා 22 යන දෙදින පෙ.ව 8 සිට ප.ව 9 දක්වා අනුරාධපුර පූජා භූමිය තුළ සිදු කිරීමට නියමිතය. 

මෙම සත් කාර්යය සදහා ස්වෙච්ඡා දායකත්වය ලබා දිය හැකි සියලුම දෙනා හට අප ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු. 

ඔබගේ පැමිණීම wildreach@gmail.com වෙත මෙම මස 12 වන දිනට ප්‍රථම නම, හැඳුනුම්පත් අංකය, දුරකතන අංකය, සමග තහවුරු කරන්න. (ආහාර සහ නවාතැන් සපයනු ලැබේ.)

ස්තූතියි෴

Tuesday, February 5, 2013

අලි පැටවුන් 22 ක් කැළෙන් අල්ලා ගනිද්දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬයි

උඩවලව හා හබරණ ප්‍රදේශවලින් අල්ලා ගත් අලි පැටවුන් 22 දෙනෙකු නීති විරෝධී ලෙස විවිධ ව්‍යාපාරිකයින් භාරයේ, දේවාලවල හා විහාරස්ථානවල තබාගෙන සිටී. නමුත් ඊට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මෑත ඉතිහාසය තුළ පළමුව අලි පැටවකු අල්ලාගනු ලැබුවේ හබරණ ප්‍රදේශයෙනි. රත්නපුරයේ, බී.බී. ජයසේකර මහතා ගේ උපදෙස් මත 2002 වසරේ දී මේ අලි පැටවා අල්ලා ගනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍යවරයකු ගේ මගපෙන්වීම යටතේ ය. හබරණ වනාන්තරයෙන් අල්ලාගත් මේ අලි පැටවා හබරණ ආශ්‍රිත මිරිස් හේනක රඳවා තබා ගෙන සිට පසුව රත්නපුරයට රැගෙනවිත් තිබේ. වාසනා නමින් හඳුන්වන මෙම අලියා බී.බී. ජයසේකර මහතා භාරයේ සිටී.

මේ අයුරින් ආරම්භ වූ අලි පැටවුන් ඇල්ලීමේ ජාවාරම පසුගිය දා අවසන් වූයේ උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු අල්ලා ගැනීමත් සමඟිනි. සුදු මහතා නමින් හඳුන්වන බියගම, මෙල්වා දඟර වානේ කම්බි කර්මාන්තශාලාවේ හිමිකරු ගේ උපදෙස් මත පසුගියදා මේ අලි පැටවා අල්ලාගත් අතර දැනට ඔහු භාරයේ මේ අලි පැටවා සිටී.

දැනට වැඩිම අලි පැටවුන් ප්‍රමාණයක් අල්ලා ගෙන තම භාරයේ තබාගෙන සිටින්නේ මහරගම, ඇරැව්වල, එස්.ආර්. කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයේ හිමිකරු වන නිරාජ් රොෂාන් පතිරණ මහතා විසිනි. මොහු ගේ උපදෙස් මත උඩවලවෙන් පළමු අලි පැටවා අල්ලා ගනු ලැබුවේ 2007 වසරේ දී ය. එම අලි පැටවා සිඟිති නමින් හඳුන්වයි. මීට අමතරව සුද්දි, සමාධි, සංඛ, සකුරා හා සංජු නමින් උඩවලවෙන් හා හබරණින් අල්ලා ගන්නා ලද අලි පැටවුන් 6 ක් මොහු භාරයේ සිටී. නමුත් ඉන් සංජු නමින් හඳුන්වන අලි පැටවා මතුගම, ජගත් විතාන මහතාට එක්කෝටි විසිපන් ලක්ෂයකට විකුණා තිබේ. ඉන්පසුව මේ අලි පැටවාව ඛෙන්තොට බීච් හෝටලයේ ප්‍රදර්ශනයට තබා තිබූ අතර සංචාරකයන් ගේ බලපෑම මත මේ සතාව එම හෝටලයෙන් ඉවත් කරන ලදි.

සමාධි නමින් හඳුන්වන අලි පැටවා පොල්හේන්ගොඩ, ඇලන් මැතිනියාරාමයේ සිටින අතර සුද්දි ලෙස හඳුන්වන අලි පැටවා බණ්ඩාරගම, වරුණ කන්නංගර මහතා භාරයේ සිටී. මීට අමතරව සකුරා ලෙස හඳුන්වන අලි පැටවා මහේස්ත්‍රාත්වරයකු වන නීලම්මහර, කොහිලකොටුවේ පදිංචි තිළිණ සලෝචන ගමගේ මහතාට ලබාදී තිබේ. මේ සියලූම අලි පැටවුන් නීති විරෝධී ලෙස තබාගෙන සිටින අතර මේ සතුන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරයකු විසිනි.

හීලෑ අලි - ඇතුන් ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න මහතා භාරයේ ද හබරණින් අල්ලන ලද අලි පැටවකු සිටී. මාවනැල්ල, අලූත් නුවර, දැඩිමුණ්ඩ දේවාලයේ භාරකරුවා වන මොහු එම දේවාලයට පින්නවල අලි අනාථාගාරයෙන් ලබා දෙන ලද සෙනරත් නම් අලි පැටවාව තෝරා ගැනීම සිදු කළේය.මෙම දේවාලයේ බස්නායක නිලමේ මොහාන් පානබොක්කේ මහතා භාරයේ ද හබරණින් අල්ලන ලද අලි පැටවකු සිටී. සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති හීලෑ අලි ඇතුන් ගේ සංගමයේ නිලතල හොබවමින් නීති විරෝධී ලෙස අලි පැටවුන් තබාගෙන සිටිමින් මේ පුද්ගලයින් සමාජයට ලබා දෙන වැරදි පූර්වාදර්ශය පිළිබඳ ව අප කණගාටු වෙමු.

උඩවලව හා හබරණ ප්‍රදේශයේ සිදු කෙරෙන අලි පැටවුන් ඇල්ලීමේ ජාවාරම වස්ගමුව ප්‍රදේශයට ද ව්‍යාප්ත කිරීම සඳහා හීලෑ අලි - ඇතුන් ගේ සංගමය මගින් මේ වන විට සැලැසුම් කර තිබේ. ඒ සඳහා පළමු පියවර ලෙස වස්ගමුවේ අලි විනාශ කළ ගෙයක් හිමි පුද්ගලයකුට මේ සංගමය මගින් ගෙයක් සාදා පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරින. ඒ සඳහා බියගම සුදුමහතා, නිරාජ් රොෂාන් පතිරණ මහතා, තිළිණ සලෝචන ගමගේ මහතා ඇතුළුව හීලෑ අලි - ඇතුන් ගේ සංගමයේ ලේකම් ධම්සිරි කරුණාරත්න මහතා ද සහභාගී විය. එහි දී පවත්වන ලද දේශනවල දී අවධාරණය වූයේ වස්ගමුවෙන් ද අලි පැටවුන් ඇල්ලීමට මේ හරහා උත්සාහයක නිරත වන බවකි. මීට ප්‍රථම අවස්ථා ගණනාවක දීම කැලයෙන් අල්ලන ලද අලි පැටවුන් විවිධ පුද්ගලයන් භාරයේ සිටිය ද නිසි පරිදි රැකබලා නොගැනීම නිසා එම සතුන් මිය ගොස් තිබේ. බලංගොඩ, රිචඩ් ගෝනකුඹුර මහතා භාරයේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි කුඩා අලි පැටවකු 2009.08.08 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නා ලදි. උඩවලව, කල්තොට ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද මෙම අලි පැටවා එම මහතා ගේ නිවසේ නාන කාමරයක රඳවා තබා ගෙන සිට ඇති අතර නිසි පරිදි පෝෂණය නොකිරීම හේතුවෙන් මේ අලි පැටවා 2009.08.21 දින මිය ගියේ ය. මේ සතා මිය යාමට හේතු වූයේ මන්දපෝෂණයෙන් පෙලීමය.

2000 වසරේ දී පමණ නිලංග දෑල මහතා ගේ උපදෙස් මත උඩවලවට, සෙවණගල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද වාසනා නම් ඇත් පැටවා 2005 වසරේ දී පමණ මිය ගියේ නිසි පරිදි රැකබලා නොගැනීම නිසා ය. රත්නපුරයේ දෑල ඔයේ මේ පැටවාව ගැට ගසා සිටිය දී ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් පසුව මේ සතා ජලයේ ගිලී මිය ගියේ ය.

2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 23(1) වගන්තියට අනුව අලියකු හෝ ඇතෙකු බලපත්‍රයක් රහිතව ළඟ තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවකි. එවන් ක්‍රියාවකට අධිකරණයෙන් වැරදිකරුවකු කරනු ලැබූ අවස්ථාවක දී රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර 10 කට නොඅඩු වසර 20 කට නොවැඩි බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් අලි පැටවුන් 22 ක් දැනට නීති විරෝධී ලෙස තබාගෙන සිටිය ද එම නීති විරෝධී ක්‍රියාවන් පිටු දැකීමට කිසි ආකාරයක අත් අඩංගුවට ගැනීමක් මේ වනතුරුත් සිදු කර නොමැති වීම කණගාටුවට කරුණකි.

මේ සියලූම අලි පැටවුන් ඇල්ලීමේ සැලසුම්වලට හා එසේ අල්ලාගත් අලි පැටවුන්ට බලපත්‍ර සැකසීමේ ක්‍රියාමාර්ගවලට පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙකු, දේශපාලකයින් කිහිප දෙනෙකු හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිලධාරියකු හවුල් වන බවට තහවුරු වී තිබේ.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් අප රටේ අලි - ඇත් පරපුර ඉතාම නුදුරු දිනක දී වැනසී යනු ඇත. අලි - මිනිස් ගැටුමින් වසරකට මේ වන විට අලි - ඇතුන් 250 ක් පමණ මිය යන තත්ත්වයක් තුළ ඉදිරි පරම්පරාවක් බිහි කිරීමට සිටින අලි පැටවුන් මෙලෙස අල්ලා හීලෑ කිරීමෙන් සිදු වන්නේ විශාල හානියකි. නීතිය පිළිබඳ ව දන්නා පුද්ගලයින් පමණක් නොව පශ= වෛද්‍යවරුන් පවා මේ හානිකර ක්‍රියාවට උදව් උපකාර කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ට අප රටේ වනජීවී සම්පත පිළිබඳ ව හෝ රටේ අනාගත ජෛව සම්පත්වල පැවැත්ම පිළිබඳ ව අබමල් රේණුවක හෝ ආදරයක් නොමැති බව ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම හෝ අලි - ඇතුන් හරහා තම බලපරාක්‍රමය අනෙක් අයට පෙන්වීම පමණකි.

අද වන විට වනාන්තරයෙන් අලි පැටවුන් ඇල්ලීම ජාවාරමක් තත්ත්වයට පත්ව ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ නොහැකියාව, දේශපාලන හා ව්‍යාපාරික බලය ඉදිරියේ නිවටයින් ලෙස කටයුතු කිරීම නිසාවෙනි. අනාගත පරපුරේ ජෛව සම්පත් ආරක්ෂා කිරීමට සිටින ආයතනයක් මෙලෙස කටයුතු කිරීමෙන් සිදු වන්නේ අනාගතයේ අප රට ආගාධයට යෑමකි.

අලි - ඇතුන් පරිසරයේ තුළිතතාව ආරක්ෂා කිරීම පමණක් නොව අප රටේ ආර්ථීකයට කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් එක් කිරීමට දායකවනවා ද යන්න පිළිබඳ ව බොහෝ දෙනෙක් නොසිතති. අප රටක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අති විශාල වෙහෙසක් දරමින් සිටින අතරතුර සංචාරක ආකර්ශනයට වැඩිපුර ලක් වන අලි - ඇතුන් මෙලෙස විනාශ කර දමා ගැනීමෙන් සිදු වන්නේ අනාගතයේ දී සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය නොව අගාධයට ඇද දමා ගැනීමකි.

මේ නිසා අප බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්න් අප රටේ අලි - ඇතුන් ගේ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අලි පැටවුන් ජාවාරම නතර කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දැනට ඉතිරි වී ඇති අලි - ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කොට රටේ ඉදිරි නූපන් පරපුරේ ජෛව සම්පත්වල පැවැත්ම තහවුරු කරන ලෙසත් ය.

සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය

Monday, January 7, 2013

උඩවලවෙන් ඇත් පැටවෙක්‌ පැහැර ගනී

අමල් උඩවත්ත (http://www.vidusara.com/2013/01/02/news2.html) උඩවලව ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ අවුරුදු 3ත් 4ත් අතර වයස්‌ ප්‍රමාණයක්‌ ඇති ඇත් පැටවකු දෙසැම්බර් 18 වැනි දින පැහැරගෙන ගොස්‌ ඇතැයි වනජීවී ආරංචි මාර්ග පවසයි. උඩවලව තණමල්විල මාර්ගයේ කිලෝමීටර් 5ත් 22ත් අතර ප්‍රදේශයේ දී මේ ඇත් පැටවා පැහැරගෙන ඇත. උද්‍යානයේ විදුලි වැට මෑත් කර ලොරියක්‌ අද්‍යානය තුළට ගොස්‌ පැටවා පටවා ගෙන ඇති බැව් එම ආරංචි මාර්ග පවසයි. අලි වැට අසල ප්‍රදේශයේ සටහන් ව තිබුණු පැටවා ගේ පා සලකුණු අනුව එම පැටවා ගේ වයස අවුරුදු 3ත් 4ත් අතර ප්‍රමාණයක්‌ වෙතැයි පැවසෙයි. මෙය උඩවලව ජාතික උද්‍යානයේ සිට අලි පැටවුන් පැහැර ගෙන ගිය දෙවැනි අවස්‌ථාව වන අතර පසුගිය ඔක්‌තෝබර් මාසයේ දී ඇති අතුරු සෙවණට නුදුරු වීරසිංහතුඩුව ප්‍රදේශයේ දී නැවත ඇත් පැටවෙකු පැහැර ගෙන ගොස්‌ ඇත.

Wednesday, January 2, 2013

මහවැලියේ චක්‍ර‍ලේඛයක් වන සංහාරයකට මුලපුරයි


වන සංරක්ෂණ ආඥාපනතේ වන බලතල හා නීති ඉක්මවා යන සේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා, සිය නිලධාරීන්ට නිකුත් කළ චක්‍ර‍ලේඛයක් නිසා රට තුළ මහා පරිමාණ වන විනාශයකට පාර කැපෙන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසම්පත් සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානය අවධාරණය කරයි. මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රාජකරුණා මහතාගේ අත්සනින් යුතුව 2012.11.01. දින අංක3/2012 (ඉඩම්) දරන මෙම චක්‍ර‍ලේඛය නිකුත් කර ඇත. නව චක්‍ර‍ලේඛය මගින් හඳුන්වා දී ඇති නීති ක්‍රියාත්මක කරන ලෙස මහවැලි නිලධාරීන්ට උපදෙස් දී තිබේ. නව චක්‍ර‍ලේඛය මගින් කැලෑවල නොකළ යුතු ක්‍රියාවලට අවසර දීමේ බලය මහවැලි නිලධාරීන් ලබාදී ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙයි.

දියපහරවල් අවහිර කිරීම, ජලයට විෂ යෙදීම, වනයට කැළිකසළ බැහැර කිරීම, වන පරිසරය අපවිත්‍ර කිරීම, පතල් හෑරීම, පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම. දඩයම් කිරීම, වෙඩි තැබිම්, කැලෑ එළි කිරීම්, උගුල් ඇටවීම්, වනයක් අනතුරකට ලක්වන ආකාරයට ගිනිතැබිම ආදී ක්‍රියාවන්ට මෙම චක්‍ර‍ලේඛය මගින් අවසර දිය හැකි බව දක්වා ඇතැයි වනසම්පත සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානයේ ‍ලේකම් ලලිත් ගමගේ මහතා පැවසීය.

චක්‍ර‍ලේඛයේ සඳහන් තවත් විධි විධානයන් මගින් රජයේ කැලෑවන්ගෙන් වනජ ද්‍රව්‍ය නිකුත් කිරීම සඳහා ගාස්තු අය කිරීම 1981.05.28. දිනැති අංක 143 දරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි විය යුතු යැයි දක්වා තිබුණද එය 2003 අංක 1303/1 දරන ගැසට් නිවේදනයකින් අහෝසි කරනු ලැබූවක් බවද ගමගේ මහතා පෙන්වා දුන්නේය.

එම ගැසට් නිවේදනයට අනුව කටයුතු කළහොත්, වනජ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී විශාල මූල්‍යමය අලාභයක් රජයට වන බවත්, අනෙකුත් ආයතන අයකරන ගාස්තුව හා සැලකීමේදී බලවත් ව්‍යාකූලතාවක් මතු කරන බවත්, වෘත්තීය සංවිධානය අවධාරණය කරයි.

තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වී වහාම පියවර ගන්නා ලෙස ඉල්ලමින් වනසම්පත් සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානය විසින් පරිසර අමාත්‍යවරයාට සහ වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍යවරයාට ලිපි ද යොමු කර තිබේ.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර/ගයාත්‍රී ගීගනආරච්චි

http://lakbima.lk/index.php?option=com_content&view=article&id=5734%3A2013-01-02-02-54-43&catid=34%3Anews&Itemid=62

Wednesday, December 19, 2012

හොරගොල්ල ඡාතික උද්‍යානය (wildreach ක්ෂේත්‍ර චාරිකාව - 2012.11.18)

මනරම් කුරුලු ගහනයකට හා සත්ව ප්‍රඡාවකට ශක්තිමත් හා සුවපහසු නිවහනක්ව ඡෛව විවිධත්වය හා සුවිශේෂී පරිසර පද්ධතියක් සහිතව සදාහතරිත තෙත් වනානතරයන් හි ආවේනික හොර ශාකය (Dipterocarpus zeylanicus) බහුලව පැවතිම හේතුවෙන්ම “හොර කැලය” ලෙස ඡනප්‍රවාදයෙන් ද සුවිශේෂිත්වයක් හිමිකරගත් අක්කර 33ක පමණ භූමියක පැතිර පවතින හොරගොල්ල ඡාතික උද්‍යානය නාගරික වටපිටාවක සොබාදහමේ සාඩම්බර උරුමයක් සේ සැලකිය හැකි පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන්නේය. කොළඔ මහනුවර මාර්ගයේ නිට්ටඹුව සිට කිලෝමීටර් 1 පමණ දුරකින් පිහිටා ඇති මෙම වන සම්පත 1973 ඔක්තොම්බර් 05 දින පටන් හොරගොල්ල රක්ෂීතය අභය භූමිය ලෙසට ප්‍රකාශයට පත් වී ඇති අතර වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ 2004 ඡුලි 28 වන දින එකී අභය භූමිය ඡාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වනාන්තර භූමියට පිවිසීමේදී හොරගොල්ල වැව දැකගත හැකි වන අතර සමස්ත වනාන්තර භූමිය තුල වතුර වල දෙකක් සහ කුඩා දියපහරද පවතින අතර විල්මුවා ව්යානපෘතිය ද ක්‍රියාත්මක වන්නේය.

වන වෘක්ෂ හා ලතාවන්ගෙන් බහුල මෙම වනාන්තරය තුලදී හොර, කැකුණ (Canarium zeylanicum) දියපර (wormia triquetra) ගොඩපර (Dillenia retusa) කිතුල් (caryota urens) බට (ochlandra stidula) නැදුන් (pericopsis mooniana) ඇටඹ (mangifera zeylanicus) බෝ (ficus riligiosa) රුක් (horscieldia iryaghedhi) අන්කෙන්ද (acronyehia pedunculata) මිල්ල (vitex Pinnata) මුණමල් (mimusops elengi) දෙල් (artocarpus altilis) වෙලංග (pterospermus canscens) යනාදී තෙත් සදාහරිත වනාන්තර තුලදී බහුලව දැකිය හැකි ශාක දැකගත හැකි වේ. එසේම හිඹුටු, කොරස වැල්, මා වේවැල්, පෝට වැල් හා පුස් වැල් සුවිසාල අතුපතර වෙලී පවතින ආකාරයද පරිසරය විදින්නන් හට චමත්කාරයක් මවා පාන්නේය. නිරිත දිග මෝසමින් තෙත බරිත වන මෙම වනාන්තරය තුල ආහාර ඡලය මෙන්ම රුකවරණය හා සෙවන ද නොඅඩුව පවතින බැවින් වන සතුන්ගේ කදිම නිවහනක් වන බවද කිව යුතුම වේ. මෙම පරිසරය තුලදී හදුන් දිවියා (felis viverrinas) කොලදිවියා (felis rubiginosa phillippsi) මීමින්නන් (tragulus meminna) නරියා (canis aureus lanka) දඩුලේනා (ratufa maccroura) වැනි සතුන් නිබදවම දැකිය හැකි වන්නේය. එපමණක්ද නොව මෙම තෙත බරිත පොලවෙහි වසන පිඹුරා (phthon molurus molurus) තිත්පොලගා (paboia russelii) ගැරඩියා (ptyas mulocus maximus) පොලොන් තෙලිස්සා (hypnale hypnale) දෙපත් නයා (cylindrophis maculatus) හෙල්මල් කරවලා (chrysopelea ornata) ඇහැටුල්ලා (ahactylla nasutus) මූදු කරවලා (bungarus ceylonicus) නයා (naja naja) වැනි සර්ප විශේෂයන්ගේද සුවපහසු වාසභූමියක් ව පවතින්
නේය.

මහා අතුපරත වෙලී ගිය ලතාවන්ගේ සිරි සිරි ගාමින් ඇද වැටෙන පිනි කැට නාදයට රිද්මයක් ගෙන එමින් ගී ගයන කුරුල්ලන් සේම ලංකාවට ආවේනික වූ අලු කෑදැත්තා (ocyceros gingalensis) ගිරා මලිත්තා (loriculus beryllinus) මුදුන් බොර දෙමලිච්චා (pellorneum fuscocapillum) මෙන්ම හිස කලු කොන්ඩයා (pycnonotus melanicterus) අලුගිරවා (psitta cula calthropae), ආසියානු කොහා (Wudynamys scolopacea), ඇටිකුකුලා (centropus sinensis) යන පක්ෂීන්ද මනරම් ලෙස හිමිදිරියේ පටන් නගන නාදයන්ටද සවන් දිය හැකිය. පක්ෂීන්ට අමතරව සමනලුන්, බත්කූරන් හා මකුලු විශේෂයන්ද එකී පරිසරය හා බද්දව වසනු දැකිය හැකි වන්නේය.

උද්යා නයේ පවතින හොරගොල්ල වැව, දිය වල, හා දිය පහර වල සොබා දහම තවත් අපූර්ව කරමින් සුපිරිසිදු ඡලයේ ඡිවත්වන මගුරා (clarias brachysoma) කනයා (labea dussumieri) කොට පෙතියා (puntius filamentosus) අභිරාවා (lepido cephalichthys thermallis) යන මත්ස්යරයින් හදුනාගත හැකිය.

ශාක, වැල්, සතුන්, උරගයින්, පක්ෂීන්, මත්ස්යියින්, කෘමීන්, සමනලුන් ඇතුලු මනා ඡෛව විවිධත්වයක් පවතින්නාවූ මෙම පරිසරය ආශ්රිසතව අධ්යsයනයන් හා පර්යේෂණ සිදුකිරීම සදහාද, පරිසර නිරීක්ෂකයින් සදහාද, පරිසරය රසවිදින්නන් සදහා මෙන්ම මානසික සොයන්නවුන් සදහාද ද සෑම සියලු ආකාරයකින්ම ඉතා වටිනා පරිසරයක් ලෙස මෙම ඡාතික උද්යාමනය හැදින්වීමට අපි මැලි නොවන්නෙමු.

එසේම ජනාවාස වලින් වටවී ඇති මෙම වනාන්තරයට මිනිසාගෙන් ඇතිවන තර්ජනට ද අධිකය ඒවා හමුවේ වනඡීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වනාන්තරය ආරක්ෂාකරනු වස් සිදුකරනු ලබන මහගු කාර්ය භාරයද මෙහිදී කෘතඥතා පුර්වකව සටහන් කරන්නෙමු.

Friday, November 2, 2012

Why We Do Not Want the Koodankulam Nuclear Power Project?

We have been opposing the Koodankulam Nuclear Power Project (KKNPP) ever since it was conceived in the mid-1980s. The people of Koodankulam village themselves were misled by false promises such as 10,000 jobs, water from Pechiparai dam in Kanyakumari district, and fantastic development of the region. We tried in vain to tell them that they were being deceived. Without any local support, we could not sustain the anti-Koodankulam movement for too long.


Now the people of Koodankulam know and understand that this is not just a fisherfolk’s problem, they may be displaced, and they have to deal with radioactive poison. Their joining the movement in 2007 has invigorated the campaign now. And (almost) all of us here in the southernmost tip of India oppose the Koodankulam NPP for a few specific reasons:

[1] The KKNPP reactors are being set up without sharing the Environmental Impact Assessment (EIA), Site Evaluation Study and Safety Analysis Report with the people, or the people’s representatives or the press. No public hearing has been conducted for the first two reactors either. There is absolutely no democratic decision-making in or public approval for this project.

[2] The Tamil Nadu Government G.O. 828 (29.4.1991 – Public Works Department) establishes clearly that “area between 2 to 5 km radius around the plant site, [would be] called the sterilization zone.” This means that people in this area could be displaced. But the KKNPP authorities promise orally and on a purely adhoc basis that nobody from the neighboring villages would be displaced. This kind of adhocism and doublespeak causes suspicion and fears of displacement.


[3] More than 1 million people live within the 30 km radius of the KKNPP which far exceeds the AERB (Atomic Energy Regulatory Board) stipulations. It is quite impossible to evacuate this many people quickly and efficiently in case of a nuclear disaster at Koodankulam.

[4] The coolant water and low-grade waste from the KKNPP are going to be dumped in to the sea which will have a severe impact on fish production and catch. This will undermine the fishing industry, push the fisher folks into deeper poverty and misery and affect the food security of the entire southern Tamil Nadu and southern Kerala.

[5] Even when the KKNPP projects function normally without any incidents and accidents, they would be emitting Iodine 131, 132, 133, Cesium 134, 136, 137 isotopes, strontium, tritium, tellurium and other such radioactive particles into our air, land, crops, cattle, sea, seafood and ground water. Already the southern coastal belt is sinking with very high incidence of cancer, mental retardation, Down syndrome, defective births due to private and government sea-sand mining for rare minerals including thorium. The KKNPP will add many more woes to our already suffering people India and Sri Lanka.

[6] The quality of construction and the pipe work and the overall integrity of the KKNPP structures have been called into question by the very workers and contractors who work there in Koodankulam. There have been international concerns about the design, structure and workings of the untested Russian-made VVER-1000 reactors.

[7] The then Minister of State in the Ministry of Environment and Forest Mr. Jairam Ramesh announced a few months ago that the central government had decided not to give permission to KKNPP 3-6 as they were violating the Coastal Regulation Zone stipulations. It is pertinent to ask if KKNPP 1 and 2 are not violating the CRZ terms.

[8] Many political leaders and bureaucrats try to reassure us that there would be no natural disasters in the Koodankulam area. How can they know? How can anyone ever know? The 2004 December tsunami did flood the KKNPP installations. There was a mild tremor in the surrounding villages of Koodankulam on March 19, 2006. On August 12, 2011, there were tremors in 7 districts of Tamil Nadu.

[9] Indian Prime Minster himself has spoken about terrorist threats to India’s nuclear power plants. Most recently, on August 17, 2001, Minister of State for Home, Mr. Mullappally Ramachandran said: “the atomic establishments continue to remain prime targets of the terrorist groups and outfits.

[10] The important issue of liability for the Russian plants has not been settled yet. Defying the Indian nuclear liability law, Russia insists that the Inter-Governmental Agreement (IGA), secretly signed in 2008 by the Indian and Russian governments, precedes the liability law and that Article 13 of the IGA clearly establishes that NPCIL is solely responsible for all claims of damages.

[11] In 1988 the authorities said that the cost estimate of the Koodakulam 1 and 2 projects was Rs. 6,000 crores. In November 1998, they said the project cost would be Rs. 15,500. In 2001, the ministerial group for economic affairs announced that the project cost would be Rs. 13,171 crores and the Indian government would invest Rs. 6,775 crores with the remainder amount coming in as Russian loan with 4 percent interest. The fuel cost was estimated to be Rs. 2,129 crores which would be entirely Russian loan. No one knows the 2011 figures of any of these expenses. No one cares to tell the Indian public either.

[12] The March 11, 2011 disaster in Fukushima has made it all too clear to the whole world that nuclear power plants are prone to natural disasters and no one can really predict their occurrence. When we cannot effectively deal with a nuclear disaster, it is only prudent to prevent it from occurring. Even the most industrialized and highly advanced country such as Germany has decided to phase out their nuclear power plants by the year 2022. Switzerland has decided to shun nuclear power technology. In a recent referendum, some 90 percent of Italians have voted against nuclear power in their country. Many Japanese prefectures and their governors are closing nuclear power plants in their regions. Both the United States and Russia have not built a new reactor in their countries for 2-3 decades ever since major accidents occurred at Three Mile Island and Chernobyl.

In India, Mamta Banerjee government in West Bengal has stopped the Russian nuclear power park project at Haripur in Purba Medhinipur district and taken a position that they do want any nuclear power project in their state. Similarly, the people of Kerala have decided not to host any nuclear power project in their state.


[13] And finally, the Indian government’s mindless insistence on nuclear power, utmost secrecy in all of its nuclear agreements and activities, and its sheer unwillingness to listen to the people’s concerns and fears make us very doubtful about the real benefactors of all this nuclear hoopla. Is it all for us, the people of India? Or for the corporate profits of the Russian, American and French companies? Or for the Indian military? Are the lives and futures of the Indian citizens inferior to all these?

[14] The Government of Sri lank Never Talk about what are the impact of this nuclear plant and They Didn’t study about impact of this nuclear power plant. Indian and Sri Lankan Both Government should focus for this problem and they have Responsibility to protect peoples and Environment. Sri Lankan Government have right to ask stop this nuclear plant and Protect their Environment and Peoples from harmful nuclear.



<<
Humans are not the only living beings affected by Chernobyl irradiation




by:
Best Regard Udaya Kumar India
Ravindra Kariyawasam (wildreach)

Tuesday, October 23, 2012

පසු වදන...

දුර්ලභ ගණයේ වනසත්ව හා වෘක්ෂලතා සම්පතින්ද රටට ආවේනික හා සුවිශ්ෂි වූ පරිසර පද්ධතියකින්ද පාරිසරික ලක්ෂණයන්ගෙන්ද ගහණය වූ රක්ෂිතකරණය කර පවන්තාවු වනභුමි කිහිපයකටම අප සාඩම්බර උරුමකරුවන් වන්නෙමු.

 මෙකී රකිෂිත වනාන්තර තුල නිසි අවසරයන්ට හා නීතියට අනුකූල හා පටහැනි නොවන පරිදි බිම් කදවුරු ලෑමේ ඉඩකඩ පවතින බව අප කවුරුත් දනිමු. එකී බිම් කදවුරු යාල වැනි රක්ෂිත භූමියක් තුල ස්ථීර ගොඩනැගිලි දක්වා සංවර්ධනය කර ඇති බවත් එකී සංවර්ධනයන් සදහා කැබිනට් තීරණයක් හෝ නොපවතින බවද නිසි කාර්ය පටිපාටිය හා නීතියෙන්ද පරිබාහිරව සමාගම් තුනක් විසින් ස්ථිර ගොඩනැගිලි දක්වා බිම් කදවුරු පුලුල් කර ඇති බවද වනඡීවි දෙපාර්තමේන්තුව මෙන්ම පරිසර හිතකාමීන්ද 2008 වර්ෂයේ සිටම අවබෝධයෙන් හා දැනීමෙන් පසු වී ඒ පිළිබදව කතිකාවතක් ගොඩනගන්නට උත්සාහ කරන්නට විය.

බිමි මට්ටමේ සිට මධ්‍යම දේශපාලන කරලිය දක්වා සියලු බලධාරීන්ගේ බල හා මුදල් අරගලයට මැදිවී දෝලනය වෙමින් පැවති මෙකී ගැටලුව පිළිබදව හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වූ කරුණු අනුව 2012.10.19 දින අතිගරු ඡනාධිපතිතුමා මැදිහත් වීමෙන් වහාම එකී අනවසර ඉදිකරීම් සමග සමාගම් ඉවත් කිරීමට බලධාරීන්ට කරන ලද නියෝගයට පරිසරයට ආදරය කරන අපි සියල්ල හිස නමා අචාර කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ සමස්ථ වනසත්ව හා වෘක්ෂලතා ප්‍රඡාව ආරක්ෂා කිරීමට දැනට ලකාවේ වලංගුව පවතින්නාවූ 2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂණ (සංශෝධන ) පනත දෙස අවධානය යොමු කිරීමේ දී එකී පනතේ 6 (2) වගන්තිය ප්‍රකාරව ඡාතික රක්ෂිත භූමියක මායිමේ ඕනෑම සංලක්ෂයක සිට මායිමට ලම්භකව සැතපුම් එකක සෘඡු දුරක් දක්වා වන කලාපය තුල පිහිටා ඇත්තාවූ සංචාරක හෝටල් පුලුල් කිරීම ආරම්භ කිරීම හෝ ආරම්භ කිරීමට සැලැස්වීම සිදු නොකල යුතු බවට සදහන් වන්නේය.

එසේම එම පනතේ 14 (9) (අ) වගන්තිය තුලදී ඡාතික රක්ෂිත භූමියක මායිමේ ඕනෑම සංකලක්ෂයක සිට මායිමට ලමිබකව සැතපුම් 1 ක් දුරින් පෞද්ගලික / රජයේ හෝ තැනැත්තකුගේ හෝ සංවිධානයක් විසින් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ පුර්ව අනුමැතියකින් තොරව කවර ආකාරයක හෝ සංවර්ධන ක්‍රියාකාරකමක් නෙකල යුතු බවට නීතිය දක්වන්නේය. එසේම මෙම විධිවිධාන පැහැර හරින යම් තැනැත්තෙක් වීද හෙතෙම වරදකට වරදකරු වන බවද සඳහන් වේ.

එපමණක් නොව 14 (2) (1) උපවගන්තියෙහි සඳහන් නෛතිකමය ප්‍රතිපාදනය තුලදි වෙළදාම/ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවසර පත්‍රයක් සඳහා වන ඉල්ලීමක් ලද විටක එකී පරිසරයට අදාල වන්නාවු මුලික පාරිසරික සමීක්ෂණ වාර්තාවක් ඉල්ලුම්කරු වෙතින් ලබාගත යුතු බවට සඳහන් වන්නේය. ඒ අනුව බලපත්‍ර නිකුත් කිරිම නිසි ක්‍රියා පටිපාටිය තුලදි සිදුවිය යුතු බවට නීතියේ පැහැදිලිව අවධාරණය කර ඇත.

එසේම එවන් නීතිමය රාමුවක් තුලදී බිම් කදවුරු අනවසර ඉදිකිරීම දක්වා සංවර්ධනය වී ප්‍රචලිත වනතුරුත් වනඡීවී නිලධාරීන් ඇස් කන් වසාගෙ සිට බව මේ වන විට මුලු රටටම අනාවරණය වී හමාරය. එබැවින් ඉහත කී නිති රීති ප්‍රකාරව රක්ෂිත භුමියක් අභ්‍යන්තරයෙහි තබා රක්ෂිත සීමාවේ සිට සැතපුමක දුරක පාරිසරික පරාසය තුලද සිදුකරන්නා වු ඉදිකිරිමක් හෝ ව්‍යාපාරයක් පිළිබඳව අනුගමනය කල යුතු පැහැදිලි ක්‍රියා පටිපාටිය නීතියෙන් පිළිගෙන ඇති අවධියක බිම් කදවුරු මුවාවෙන් සිදු වී ඇති සැගවී යන යථාර්ථවාදී ව්‍යාපාරයන් හෝ කර්මාන්තයන් (eco tourism, safari etc) පිළිබදව වැඩිදුරටත් කරණු අනාවරණය කරගත යුතු වේ.

එසේම රක්ෂිත භූමිය හා එහි සිමාවේ සිට අවට පරිසරය ද කෙතරම් පරසර පද්ධතියකට වැදගත් වන්නේද යත් එකී සමාගම් තුන සදහා රිසිසේ කටයුතු කරන්නට ඉඩකඩ සලසා දුන් සියලුම බලධාරී පිරිස් ද යාල පරිසරයට වූ විනාශයේ වරදට සමාන වගකීමක් දැරිය යුතු බව අපගේ හැගීමය. යාල අභය භූමියට හා පරිසරයට මේ වන විට උද්ගත වී ඇති හානියට මිලක් නියම කල නොහැකි වන නමුත් එකී අගතිය හා විනාශය නැවත ඇති නොවීමට හා නීතියේ ආධිපත්‍යය හා ස්වාධිනත්වය ස්ඵූට කිරීම සදහා ද විදේශ ලාභ ලැබූ ආයතනයන්ට උඩගෙඩි දුන් සියල්ල ද නීතිය ඉදිරියට කැදවීම අත්‍යාවශ්‍ය බව අප මෙහිදී වැඩිදුරටත් තරයේ අවධාරණය කර සිටින්නෙමු.

Tuesday, September 25, 2012

ගෝන මස් කන්න බැරිවේ

(උපුටා ගැනීම : http://lankadeepa.lk/index.php/articles/66671 )

යාල වනෝද්‍යානයේ සිටි මී ගවයකු තරම් විශාල ගෝනකු හා මුවන් තිදෙනකු මරා කැන්ටර් ලොරියකින් රැගෙන යද්දී කතරගම, කටගමුවේ යුද හමුදා රෙජිමේන්තුවෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලය කියයි. මෙතරම් ලොකු ගෝනකු සංචාරකයක් පවා දැක නැත. ලූතිනන් කර්නල් එච්.ඒ. ලක්ෂ්මන් මේ වැටැලීම මෙහෙයැවීය.

අද අලූයම සිදුකළ වැටැලීමේදී සැකකරුවන් තිදෙනකු පලාගිය බවද කියති.







Thursday, September 20, 2012

අලි -ඇතුන් ගේ නිජබිම වන කලාවැව වනසද්දී බලධාරීන් නිහඬයි.


කහල්ල - පල්ලෙකැලේ අභය භූමියට අයත් කලාවැවේ වැලි කැනීම,පස් කපා ඉවත් කිරීම,ගස් කැපීම හා හෝටල් ඉදි කිරීම ඇතුළු හානිකර හා නීති විරෝධී ක‍්‍රියා රැුසක් මේ වන විට සිදු කෙරෙමින් පවතී.වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පසුගිය දිනවල වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්  කර  බැකෝ  යන්ත‍්‍ර  ආධාරයෙන්  රොන්මඩ  ඉවත්  කිරීම  ආරම්භ  කෙරින.මීට  අමතර  ව  වැව ඉහත්තාවේ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් වැලි කැනීම් කටයුතු ද සිදු කෙරෙමින් පවතී.වැව් ඉහත්තාවේ සහ වැව් පිටියේ තැනින් තැන විශාල වල වල් සැකසෙන පරිදි වැලි කැනීම් සිදු කර තිබේ.
මීට අමතර ව වැවෙහි කුඹුක් ශාක ඉවත් කිරීම ද රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම සිදු කෙරෙමින් පවතී.මේ හානිකර තත්ත්වයන් සියල්ලටම හේතු සාධක වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැරැුදි දේශපාලන තීන්දුවක් මත පදනම් ව වැවේ රොන්මඩ ඉවත් කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම ය.රොන්මඩ ඉවත් කිරීම  සඳහා යොදා ගන්නා  බැකෝ යන්ත‍්‍ර අධාරයෙන් ම  වැලි කැනීම්  කටයුතු ද මේ වන විට ඉතාම හානිකර ලෙස සිදු කෙරෙමින් පවතී.නමුත් කිසිදු අධීක්ෂණ ක‍්‍රියාවලියක් හෝ නිසි සැලසුමක් නොමැති ව රොන්මඩ ඉවත් කිරීමේ කාර්යය සිදු කරන නිසා මේ කිසිදු හානිකර තත්ත්වයක් පාලනය කිරීමට අදාළ නිලධාරීන්ට නොහැකි වී ඇත.900
මේ  හානිකර  තත්ත්වයන්  හේතුවෙන්  අලි  -ඇතුන්  බහුලව  ජීවත්  වන  මේ  ප‍්‍රදේශයේ  එම  සතුන්  ගේ පැවැත්මට හානිකර තත්ත්වයන් රැුසක් ඉදිරියේ දී උද්ගත වනු ඇත.වැව ඉහත්තාවේ තැනින් තැන විශාල වලවල් සැකසෙන පරිදි අක‍්‍රමවත්ව වැලි කැනීම් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂා කාලයේ දී කලා වැව ජලයෙන් පිරුණු විට ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පැමිණෙන අලි - ඇතුන් මේ වලවල් තුළට වැටීමෙන් මරණයට පත් වීමේ හැකියාව පවතී. දැනට රොන්මඩ ඉවත් කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීම හේතුවෙන් හා කැනීම් කටයුතු සඳහා බැකෝ යන්ත‍්‍ර භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජලය අහිමි වී බියට පත් වී ඇති මේ සතුන් අවට ප‍්‍රදේශ පුරාම විසිරීම සිදු වී ඇත.
විශේෂයෙන්  ම  ජුනි,ජූලි,අගෝස්තු,සැප්තැම්බර්  මාසවල  පවතින  නියං  කාලගුණික  තත්ත්වය  තුළ  දී කහල්ල -පල්ලෙකැලේ අභය භූමිය හා ඒ අවට විශාල ප‍්‍රදේශයක සිටින අලි - ඇතුන් 150 ත් 200 ත් අතර ප‍්‍රමාණයක් කලා වැව වැව් පිටියට එක් රැුස් වේ. එසේ එක්රැුස් වන අලි - ඇතුන් ගේ බෝ වීමේ ක‍්‍රියාවලිය සිදු වන්නේ මේ ප‍්‍රදේශය තුළ දී ය. එම ප‍්‍රදේශය අලි - ඇතුන් ගේ බෝ වීම සිදුවන ජීව විද්‍යාත්මකව ඉතාම වැදගත් ප‍්‍රදේශයකි. එම කාල පරාසය තුළ දී ම වැවේ ජලය ඉවත් කර යන්ත‍්‍ර සූත‍්‍ර ආධාරයෙන් වැවේ කැනීම් කටයුතු සිදු කිරීමෙන් අලි - ඇතුන් ගේ බෝවීමේ ක‍්‍රියාවලියට හා ගහනයේ පැවැත්මට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිබේ. මේ තත්ත්වය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අවබෝධ කර ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.

මීට අමතර ව මේ කැනීම් කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ගල්කිරියාගම, කලාගම, උදුරව, කිරලව, කිරිඳිවත්ත හා පලාගල යන ගම්මානවලට අලි - ඇතුන් පිවිසීම සිදු ව තිබේ. වාසස්ථාන අහිමි වීමෙන් ගම්වදින අලි - ඇතුන් ගෙන් වගා හානි හා ජීවිත හානි සිදු වීමේ දැඩි අවධානමක් මේ වන විට උද්ගතව තිබේ.කලාවැවේ රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම කුඹුක් ශාක ඉවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පක්ෂීන් ලැඟුම් ගන්නා ස්ථාන අහිමි වෙමින් පවතී. මෙය අභය භූමියේ පක්ෂි ගහනයේ පැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකි ය.
මේ  තත්ත්වයන්  මෙසේ  පවතිද්දී  කහල්ල  -පල්ලෙකැලේ  අභය  භූමිය  තුළ  කලාවැව  ආසන්නයේ අනවසරින්  හා  නීති  විරෝධී  ලෙස  හෝටල්  දෙකක්  ඉදි  කෙරෙමින්  තිබේ.කලාවැවේ  ධීවර  ගම්මානය ආශ‍්‍රිතව  වනාන්තර ප‍්‍රදේශය  තුළ  බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට අයත් මේ  හෝටලය ඉදි කරමින් පවතී.ඊට පිවිසීම සඳහා මාර්ගය සකස් කිරීම ද මේ වන විට සිදු වේ.
මීට අමතර ව එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා ගේ හිතවතෙකු වන ගල්නෑව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් පලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්සභාගල්මිල්ලෑව ප‍්‍රදේශයේ තවත් හෝටලයක් ඉදි කෙරෙමින් පවතී.අලි ගැවසුම් ප‍්‍රදේශයක් තුළ හා කලාවැවේ ජල ගැලූම් ප‍්‍රදේශ ආශ‍්‍රිත ව මේ හෝටල් ඉදි කිරීම හේතුවෙන් හානිකර තත්ත්වයන් බොහොමයක් උද්ගත විය හැකි ය. මේ හෝටල්වල අපද්‍රව්‍ය ඍජුවම වැවට එක්වීමේ අවධානමක් ද පවතී.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 වන වගන්තියට අනුව අභය භූමියක් තුළ වන සතුන් ගේ වාසස්ථාන විනාශ කිරීම, වන සතුන් බෝවන ස්ථාන විනාශ කිරීම, පස් හා වැලි කැනීම් කටයුතු සිදු කිරීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර ඉදිකිරීම් සිදු කිරීම හා මාර්ග සකස් කිරීම තහනම් වේ.නමුත් මේ නීති විරෝධී ක‍්‍රියා සියල්ලම කහල්ල - පල්ලෙකැලේ අභය  භූමිය  තුළ  පිහිටි  කලාවැව  ආශ‍්‍රිත  ව  අද  වන  විට  සිදු  වෙමින්  පවතී.නමුත්  එම  නීති  විරෝධී ක‍්‍රියාවලට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.
ජාතික  පාරිසරික  පනතට  අනුව  ප‍්‍රකාශිත  1995  පෙබරවාරි  23  වන  දින  අංක  859/14  දරන  ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වැවක උපරිම  පිටාර මට්ටමේ සිට මීටර  100 ක් ඇතුළත හෝ එකී වැව ඇතුළත  යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.නමුත් මේ  නීතිමය  තත්ත්වයන් සියල්ල උල්ලංඝනය  කරමින් කහල්ල  - පල්ලෙකැලේ අභය භූමිය  තුළ කලාවැව ආශ‍්‍රිත ව හෝටල් ඉදිකිරීම, කැනීම් කටයුතු සිදු කිරීම ආදී හානිකර ක‍්‍රියා රැුසක් සිදු වේ.
කහල්ල - පල්ලෙකැලේ අභය භූමිය 1989 ජූලි මස 01 වන දින හෙක්ටයාර 21,690 ක භූමි ප‍්‍රමාණයකින් යුක්ත අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ අභය භූමියේ අලි - ඇතුන් ඇතුළුව ජෛව ප‍්‍රජාව ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා මේ ආශ‍්‍රිත ව සිදුවන සියලූම හානි කර ක‍්‍රියා මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ක‍්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුව ඇත.තව ද වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිසි සම්බන්ධීකරණයකින් යුතුව නිවැරැුදි පරිසර බලපෑම් ඇගයීමකින් පසු ව කලාවැවේ රොන්මඩ ඉවත් කිරීම පියවරෙන් පියවර සිදු කළ යුතු ව ඇත.එසේ නොමැතිව ඉතාම හානිකර ලෙස අද වන විට සිදු කරන මේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් එහි ජෛව ප‍්‍රජාවට සිදුවන හානිකර තත්ත්වය පාලනයට කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු ව ඇති අතර අනෙක් නීති විරෝධී කි‍්‍රයා මැඩ පැවැත්වීමට වහාම කි‍්‍රයාමාර්ග ගත යුතු ව තිබේ.ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය කඩිනමින් ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

සජීව චාමිකර පරිසර සංරක්ෂණ භාරය
ඡුායාරූප -කුෂාන් ජයවර්ධන

කහල්ල -පල්ලෙකැලේ අභය භූමිය තුළ පිහිටි කලා වැව ඉහත්තාවේ හානිකර ලෙස වැලි කැනීම් සිදු කර ඇති ආකාරය
1
2
3
5

Tuesday, September 4, 2012

වික්ටෝරියා - රන්දෙනිගල - රන්ටැඹේ අභය භුමිය තුල අලි පැටවකු මිය යයි.



ශ්‍රී ලංකාවේ ඡෛව විවිධත්වය මනාවට සුරකි වන සතුන්ගෙන් ගහන වික්ටෝරියා - රන්දෙනිගල - රන්ටැඹේ අභය භුමියේ කුරුදු ඔය අසබඩ මාර්ගය ආසන්නයේ 2012.09.01 දින පෙ.ව 9.00 ට පමණ මිය යන ලද අලි පැටවකු එම අභය භූමියේ සංචාරයේ යෙදුන වයිල්ඩි රීචි පරිසර කණ්ඩායමට හමු විය.

අවට ගමිවාසීන් විසින් මිය යන ලද අලි පැටවා පිළිබද වන ජීවී නිලධාරීන් වෙත එදින උදෑසන දැනුම් දී ඇති අතර ඊට හේතුව ලෙස ගමිවාසීන් දන්වා ඇත්තේ අසල මාර්ගයේ ගමන් ගත් වාහනයකට හසු වී අලි පැටවා මිය ගොස් ඇති බවය.

මිය යන ලද අලි පැටවා ආසන්නයේ කුපිත වූ වැඩිහිටි අලින් තිදෙනෙකු  ප්‍රචන්ඩව හැසිරීම හේතුවෙන් අලි පැටවා නිරීක්ෂණය කිරීමට පැටවා ආසන්නයට ලගා වීම තරමක් දුෂ්කර වුවද, වන නිලධාරීන් විසින් වේඩි ගසා ඔවුන් ඉවතට පලවා හැර පැටවා පරීක්ෂා කිරීමට ඉඩ සලස්වා ගන්නට සිදු වීය.

වන නිලධාරී විඡේකෝන් මහතාගේ අනගි සේවය හා උපකාරයද සමග අලි පැටවා නිරීක්ෂණය කල වයිල්ඩි රීචි හි පරිසරවේදීන් වන අප හට, අලි පැටවා එදින පාන්දර 3-4 අතර කාලයේදී මිය ගොස් ඇති බවත්, ශරීරයේ පිටතින් පෙනෙන්ට කිසිදු තුවාලයක් හෝ අස්ථි භග්නයක් හෝ නිරීක්ෂණය නොවීය. එසේම අලි පැටවා උස අඩි හතර හමාරක් පමණ වන  බවත් වයස අවුරැදු 3 ත් 4ත් අතර වන පසුවන බවත් වන නිලධාරී විඡේකෝන් මහතා පැවසීය. ඒ මෙහොත වන විටත් පැටවාගේ සිරුරේ උණුසුම පැවති බව වයිල්ඩී රීචි හි අප වෙත අනාවරණය විය.

එම ප්‍රදේශය භාරව සිටින පශු වෛද්‍ය නිලධාරීවරයා අනුරාධපුර ප්‍රදේශයේ වෙනත් අත්‍යාවශ්‍ය රාඡකාරී කටයුතත්තකට යොමු වී සිටීම හේතුවෙන් මෙම ලිපිය ලියන මොහොත වන තුරුද, අලි පැටවාගේ මරණ පරීක්ෂණනය පවත්වා ඊට හේතුව අනාවරණය කර ගෙන නොතිබුනි.

ඉතා කුඩා වයසක පසුවන අලි පැටවුන් මරණයට පත් වීමට  බොහෝ විට පණුවන් ආසාදනය වීම හා තල් ඇට ගිල දැමීම ද හේතු විය හැකි බව අප කළ විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය. ඒ අනුව මෙම අලි පැටවාගේ මරණය රිය අනතුරකට ලක් වීම හෝ වෙනත් රෝගී තත්වයක් විය හැකි බව අපගේ අදහසයි..

කෙසේ නමුත් වන අලි සමිපත සුරකීම අපගේ මෙහෙවරක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය කඩිනමින් සිදුකර අලි පැටවාගේ මරණයට හේතුව අනාවරණය කර ගන්නා තුරු වයිල්ඩි රීචි අප බලා සිටින්නෙමු.





Two New Owl Species Discovered In The Philippines



Two new species of owls have been discovered in the Philippines by Michigan State University researcher, Pam Rasmussen.


AsianScientist (Aug. 27, 2012) – Two new species of owls have been discovered in the Philippines by Michigan State University researcher, Pam Rasmussen.

Prof. Rasmussen is the MSU assistant professor of zoology and assistant curator of mammalogy and ornithology at the MSU Museum. According to her, the discovery, which is featured in the current issue of Forktail, the Journal of Asian Ornithology, took years to confirm, but was well worth the effort.
Announcing the finding of a single bird is rare enough, but the discovery of two new bird species in a single paper is almost unheard of.
“More than 15 years ago, we realized that new subspecies of Ninox hawk-owls existed in the Philippines,” she said. “But it wasn’t until last year that we obtained enough recordings that we could confirm that they were not just subspecies, but two new species of owls.”
The first owl, the Camiguin Hawk-owl (photo: right), is found only on the small island of Camiguin Sur, close to northern Mindanao. Despite being so close geographically to related owls on Mindanao, it has quite different physical characteristics and voice. They are also the only owls to have blue-gray eyes.
The second new discovery is the Cebu Hawk-owl (photo: left). This bird was thought to be extinct, as the forests of Cebu have almost all been lost due to deforestation. Study of its structure and vocalizations confirmed that it was a new species.
In fact, it was the unique vocalizations of both owls that confirmed that the new classifications were warranted.
“The owls don’t learn their songs, which are genetically programmed in their DNA and are used to attract mates or defend their territory; so if they’re very different, they must be new species,” Rasmussen said.
“When we first heard the songs of both owls, we were amazed because they were so distinctly different that we realized they were new species.”
The owls have avoided recognition as distinct species for so long because the group shows complex variation in appearance that had been poorly studied, and their songs were unknown. Both islands are off the beaten path for ornithologists and birders, who usually visit the larger islands that host more bird species.
The article can be found at (PDF, 997 kb): Rasmussen PC et al. (2012) Vocal divergence and new species in the Philippine Hawk Owl Ninox philippensis complex.
——
Source: MSU; Photo: Oriental Bird Club/original painting by John Gale.
Disclaimer: This article does not necessarily reflect the views of AsianScientist or its staff.
By :   | Featured Research August 27, 2012

Wednesday, August 15, 2012

මින්නේරිය ජාතික වනෝද්‍යනයේ කැබිනට් ඇමතිවරයෙක් හෝටලයක් තනයි


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන  “Jeew’s Hide Out” නමින් සංචාරක හෝටලයක් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝනය කරන කැබිනට් ඇමතිවරයෙන් විසින් විසින් ඉදිකර ඇත. හබරණ – පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යානය තුළට වනාන්තරය එළිපෙහෙළි කර අළුතින් සකස් කළ අඩි 10 ක් පමණ පළලින් යුත් කිලෝමීටර 2 ක් පමණ දිගින් යුත් මාර්ගය අවසානයේ ඝන වනාන්තරය තුළ මේ සංචාරක හෝටලය ඉදි කර ඇත. මෙය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 සහ 75 අතර සීමාවේ ය. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර මේ හෝටලයේ සිට කිලෝමීටර 6 ක වටා ප‍්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිම් හෝ මානව ක‍්‍රියාකාරකම් සහිත භුමියක් හෝ දැක ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ම වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී පවතී.

2007 වසරේ දී මේ අමාත්‍යවරයා විසින් හෝටලය ඉදි කළ වනාන්තර ප‍්‍රදේශයේ ඖෂධ පැළෑටි සිටුවීම සඳහා සහ ඒ පැල ගබඩා කර තැබීම සඳහා කුඩා කුටියක් ඉදිකිරීමට යැයි සඳහන් කරමින් ලිපියක් ඉදිරිපත් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන මේ හෝටලය ඉදි කර ඇත. ඒ අවස්ථාවේ දී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් හෝ පොළොන්නරුව, වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හෝ ප‍්‍රධාන කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් හෝ ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් සිදු නොකර ඝන වනාන්තරය තුළ පිහිටි ජාතික වනෝද්‍යානයට අයත් හෙක්ටයාර 2.2 ක ව්‍යාජ ඔප්පුවක් සහිත ඉඩමේ පැළ සිටුවීම සඳහා අවසර ලබා දී ඇත. මේ සඳහා අවසර ලබා දීමට ප‍්‍රථමයෙන් ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් සිදු කළේ නම් ඉතාම පැහැදිලි වන්නේ මේ වනාන්තර ඉඩමේ නැවත පැළ සිටුවීමට ස්ථාන නොමැති බව යි. වනජීවී නිලධාරීන් මුලාවට පත් කර හෝ වනජීවී නිලධාරීන්ට අල්ලස් ලබා දී හෝ ජාතික වනෝද්‍යානයේ ඉඩම් ඉතා සූක්ෂම ව අත්පත් කර ගෙන ඖෂධීය පැළ සිටුවීම හා පැළ ගබඩා කිරීමට කුටියක් ඉදිකිරීම සඳහා අවසර ලබාගෙන අදාළ ඇමතිවරයා විසින් ස්ථීර සංචාරක හෝටලයක් ඉදි කර ඇත. කිසිදු ආකාරයක ඖෂධ පැළයක් මේ හෝටලය අවට වනාන්තරය පුරා සිටුවා නැත. සිදු කර ඇත්තේ හෝටලය ඉදි කිරීම සඳහා වනාන්තරයේ විශාල ගස් කපා ඉවත් කිරීම පමණකි.

ඉන්පසු ව මේ සම්බන්ධයෙන් අප විසින් අනාවරණය කළ විට තාවකාලිකව මේ හෝටලයේ ක‍්‍රියාකාරීත්වය නතර කළ අතර නැවත වරක් මේ වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. මේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලැසුම් කරන බව ය. ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ලබාගත යුතු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇතත් ඒ තත්ත්වය ද නොසලකා හරිමින් හෝටලයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

අමාත්‍යවරයා විසින් වරින් වර විවිධ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මේ අයුරින් හෝටලයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ ද ඒ සඳහා කිසිදු නීතිමය පියවරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගෙන නොතිබීම නීති උල්ලංඝනයට අනුබල දීමකි.

පළමු අදියරේ දී දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකළ මේ සංචාරක හෝටලයට විදුලි බලය ලබා ගැනීම සඳහා 15නඅ ක ජෙනරේටරයක් භාවිතා කරනු ලැබිනි. හෝටලය ඉදිරිපිටින් ගලා යන ඇළ ඊට නුදුරින් පිහිටි තෙත් බිම් ප‍්‍රදේශයට ජලය සපයන ජල මාර්ග ය යි. ඒ කොටස වියළි කාලයේ දී සිදී නොයන අතර වියළි කාලයේ දී අලි – ඇතුන් බහුලව එක්රැස්වන ප‍්‍රදේශයක් ලෙස පවතී. මේ හෝටලයට ජලය ලබා ගැනීමට ඒ ජල මාර්ගය හරස් කර කුඩා වේලි 2 ක් ඉදිකර ජලය එක්රැස් කර ඇති අතර මේ හේතුවෙන් පහළ පිහිටි තෙත් බිමට ජලය ලැබීම සම්පූර්ණයෙන් ම අවහිර වී ඇත. එපමණක් නො ව හෝටලයේ කසළ සියල්ල ම වනාන්තරය තුළ ගොඩ ගැසීම සිදු කර තිබේ. මීට අමතර ව මත්පැන් බෝතල් විශාල කන්දක් ලෙස හෝටලය පිටුපස ගොඩගසා තිබේ. මේ සම්බන්ධයෙන් පළමු අදියරේ දී අප විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළුව වගකිව යුතු රාජ්‍ය ආයතන ලිඛිතව දැනුම්වත් කළ ද ඒ අවධියේ කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ වනාන්තර ඉවත් කර භූමිය සකසමින් නැවත වරක් හෝටලය ව්‍යාප්ත කිරීමේ කටයුතු ආරම්භ කිරීමයි.

වනජීවීන් වෙනුවෙන් වෙන් කළ ඉතාම වැදගත් වනාන්තර ප‍්‍රදේශයක් තුළ මේ ආකාරයෙන් හානිකර මානව ක‍්‍රියාකාරකම් සිදු කිරීම, සංචාරක හෝටලයට පිවිසීමට ජාතික වනෝද්‍යානය තුළ මාර්ග ඉදි කිරීම, ජල මාර්ග අවහිර කිරීම, කසළ බැහැර කිරීම, රාත‍්‍රී කාලයේ දී ආලෝකය දැල්වීම, විදුලි බලය ලබා ගැනීම සඳහා භාවිත කරන ජෙනරේටරයේ ශබ්දය යන මේ සියල්ලම ජාතික වනෝද්‍යානය තුළ වනජීවීන් ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරන කරුණු වන අතර ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කිරීමකි.

2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය හැකි වන්නේ ඒ පනතේ 05 වන වගන්තියට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන තාවකාලික බලපත‍්‍රයක් මත නැරඹීමේ සහ අධ්‍යයන කාර්යයන් සඳහා පමණි. එපමණක් නො ව ඒ පනතේ 3 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත හෝටලයක් ඉදි කිරීම තහනම් වන අතර ඒ පනතේ 9 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට අනුව කටයුතු කර වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු ය. එ සේ නීති සකස් කර ඇත්තේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ඉතාම වැදගත් පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ය.

එහෙත් මේ නීති සියල්ල උල්ලංඝනය කරමින් අමාත්‍යවරයා විසින් කටයුතු කරද්දී දේශපාලකයින්ට ඇති බියෙන් වනජීවී නිලධාරීන් මුනිවත රැකීම හේතුවෙන් සිදු වන්නේ වනජීවීන් ගේ රැකවරණය ජාතික වනෝද්‍යානය තුළ දී ම අහිමි කිරීමකි.

මේ වනාන්තර පද්ධතියේ ඇති වැදගත්කම අවබෝධ කරගනු ලැබුවේ අද ඊයේ නො වේ. දැනට දශක ගණනාවකට පෙර ය. ඒ නිසා ම වනජීවී හා වනජීවී වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නීතිගත වීමෙන් පසු ව පළමු ව ප‍්‍රකාශයට පත් කළ අභය භූමියක් වන්නේ මින්නේරිය – ගිරිතලේ අභය භූමිය යි. එ 1938 ජූලි මස 29 වන දින අංක 8384 දරණ ගැසට් නිවේදනය මඟිනි. එහි දී අභය භූමියක් ලෙස ප‍්‍රකාශය පත් කර ඇත්තේ හෙක්ටයාර් 2250 කින් යුත් මින්නේරිය වැව හා ඒ ආශ‍්‍රිත වනාන්තර ප‍්‍රදේශ ඇතුළු ව හෙක්ටයාර් 6693.7 ක භූමි ප‍්‍රමාණයකි. එ සේ ඈත ඉතිහාසයේ දී මින්නේරිය වැවට හා එහි ජලපෝෂක ප‍්‍රදේශයන්ට ආරක්ෂාව ලබා දී ඇත්තේ මහසෙන් රජු විසින් කර වු මින්නේරි වැවේ සුරක්ෂිත තාවය තහවුරු කිරීම පිණිස ය.

ඉන් අනතුරුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1997.08.12 වන දින අංක 988/4 දරණ ගැසට් නිවේදනය මඟින් පළමු ව ප‍්‍රකාශයට පත් කළ මින්නේරිය – ගිරිතලේ අභය භුමි ප‍්‍රදේශයට තවත් වනාන්තර බිම් හෙක්ටයාර් 2196 ක් එක් කර හෙක්ටයාර් 8889.41 ක් වන භුමි ප‍්‍රමාණයක් ලෙස මින්නේරිය ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කළේය.

පසු කාලීන ව මෙවන් නීතිමය ආරක්ෂාවන්ට මින්නේරිය වැව නතු කළේ එහි ජල පෝෂක ප‍්‍රදේශ මෙන් ම වැවේ අනාගත පැවැත්ම තහවුරු කිරීම, වනජීවීන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා පමණක් නො ව මින්නේරිය වැව යටතේ වගා කෙරෙන හෙක්ටයාර 8900 ක් (අක්කර 21983 ක්) පමණ වන ගොවිබිම්වල පැවැත්ම සහ ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ය.

මින්නේරිය දෙවියන් ලෙස ජනතාව අතර දේවත්වයට පාත‍්‍ර වූ ක‍්‍රි.ව 274 සිට ක‍්‍රි.ව 301 දක්වා සමය තුළ ලක් දෙරණේ රජ කළ මහසෙන් රජු විසින් කර වූ මින්නේරිය වැව වියළි කලාපය තුළ පිහිටි අමිල සම්පතකි. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් තම කාලය කැප කරමින් දුරදර්ශීව කටයුතු කළ, ජනතාව සමඟ ජීවත් වූ, ජනතාව වෙනුවෙන් ජනතාව සමඟ එක්ව රටට සේවය කළ මහසෙන් රජු ලංකා ඉතිහාසය තුළ ජනතාව අතර දේවත්වයට පාත‍්‍ර වූ එකම රජු වූයේ ජනතාව ගේ රජෙකු වූ නිසා ය. මහසෙන් රජු මින්නේරිය වැව කරවූයේ තමන් ගේ කෙත්වතු අස්වැද්දීමට නො ව තම රට වැසියා ගේ කෙත් වතු සරු සාර කිරීමට ය.

එදා සිටි රජවරුන් එසේ වුවද අද සිටින දේශපාලකයින් ජනතා ඡුන්දයෙන් බලයට පත් වී මැති ඇමතිකම් ලබා ගෙන අද සිදු කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් වූවකි. ඔවුන් තම ධූර කාලය තුළ උපරිම උත්සාහයක යෙදෙන්නේ තමා ගේ, තම පවුලේ සහ තම පරම්පරාවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා ය. එවන් දේශපාලකයින් මින්නේරිය දෙවියන් විසින් ජනතාව වෙනුවෙන් කර වු මින්නේරිය වැවේ ජල පෝෂක ප‍්‍රදේශය තුළ අනවසරින් හෝටල් ඉදි කිරීමට තරම් නිහින වී ඇත.

අලි – ඇතුන් විශාල ප‍්‍රමාණයකට වාසස්ථාන සපයන හා වියළි කාලයේ දී අලි – ඇතුන් එක්රැස් වන ලංකාවේ සුවිශේෂීම ජාතික වනෝද්‍යානය වන මින්නේරිය වනෝද්‍යානයේ ඝන වනාන්තරය තුළ මෙවන් හෝටලයක් ඉදිකිරීමෙන් සිදු විය හැකි බලපෑම ඉතාම අධික ය. මේ හෝටලය හේතුවෙන් අලි – ඇතුන් ගේ ගමන් මාර්ග අවහිර කිරීම පමණක් නො ව වනෝද්‍යානය තුළ තෙත් බිම්වල පැවැත්ම හා ඒවාට ජලය සපයන ප‍්‍රභවයන් ද මේ හෝටලය හේතුවෙන් අවහිර වී ඇත. ඊට අමතර ව හෝටලයේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය, සේදුම් කාරක, කෘමි සතුන් පාලනය සඳහා යොදන රසායනික යන මේ සියල්ල ම ජාතික වනෝද්‍යානයේ සාන්ද්‍රගත වීම සිදු වේ. ඉන් වනෝද්‍යානයේ ජෛව ප‍්‍රජාවට ඍජු බලපෑම් එල්ල වේ.

ඒ නිසා මේ හානි කර හා නීති විරෝධී හෝටලයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වත් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. මේ සංචාරක හෝටලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගත යුතු අතර එහි සිදුවන හානිකර ක‍්‍රියා සියල්ල මැඩ පැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු ය. එ සේ නොමැති වුවහොත් මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ තවදුරටත් වනාන්තර එළි පෙහෙළි කර මේ සංචාරක හෝටලය ව්‍යාප්ත විය හැකි අතර ඒ හේතුවෙන්  වනෝද්‍යානය තුළ සිදු වන නීති විරෝධී ක‍්‍රියා පාලනය කිරීමට ද නොහැකිවනු ඇත.

- සජීව චාමිකර / පරිසර සංරක්ෂණ භාරය

Tuesday, July 24, 2012

Sri Lanka salutes Dawkins in naming fish genus



Sri Lankan scientists have identified a new genus of fresh water fish and named it after the evolutionary biologist and renowned atheist Richard Dawkins.

Lead researcher Rohan Pethiyagoda said the new genus, named Dawkinsia, comprises nine species that are found only in South Asia and are characterised by long filaments that trail from the dorsal fins of males.

The fish has previously been classified under the genus Puntius, comprising around 120 species of small tropical fish known as barbs.

Pethiyagoda, an ichthyologist and internationally acclaimed conservationist, said extensive studies in India and Sri Lanka showed that the level of diversity among such fish was “much greater than previously suspected”.

This was partly the reason that the study group had chosen to name the new genus after the 71-year-old Dawkins, the British author of the anti-religion polemic, The God Delusion.

“Richard Dawkins has through his writings helped us understand that the universe is far more beautiful and awe-inspiring than any religion has imagined,” Pethiyagoda told AFP on Monday.

“We hope that Dawkinsia will serve as a reminder of the elegance and simplicity of evolution, the only rational explanation there is for the unimaginable diversity of life on Earth,” he said.

Male Dawkinsia barbs advertise their fitness by growing long fin filaments that make them more attractive to females but also dangerously conspicuous to predators.

“The filaments are rather like the peacock’s tail, expensive ornaments that place their owner at greater risk while offering him the reward of being the preferred choice of females,” Pethiyagoda said.

The genus re-classification followed an eight-year study of the DNA, bone structures and overall anatomy of Puntius species. – AFP

http://adaderana.lk/news.php?nid=18840

Thursday, July 12, 2012

අලි 400 කට වෙඩි තියලා

කවුඩුල්ල සහ මින්නේරිය ජලාශ ආශ්‍රිතව ගැවසෙන වන අලින්ගෙන් හාරසියයකට වැඩි සංඛ්‍යාවක් වෙඩි වැදුණු තුවාල සහිතව සිටින බව වනජීවී වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා අනාවරණය කරයි.

 ඔහු "මව්බිම" ට පැවසුවේ මෙම ජලාශ දෙන ආශ්‍රිතව ගැවසෙන වන අලින් 500 කගෙන් 400 කටත් වැඩි සංඛ්‍යාවක් වෙඩි වැදුණු කැළැල් හා තුවාල ඇති හඳුනාගෙන තිබෙන බවයි.

 මේ ජලාශවල ජාල මට්ටම අඩුවීමක් සමග ජලාශ රක්ෂිතයේ වැවී ඇති නැවුම් තෘණ ආහාරයට ගැනීමට පැමිණ සිටින වල්අලීන්ගේ සංඛ්‍යාව 500 ක් පමණ බවද කීය.

 මින්නේරිය ජලාශය ආශ්‍රිතව වල්අලින් 200 ක් පමණ ගැවසෙති. මේ අලින්ගේ වෙඩි වැදුණු තුවාල, කැළැල් දැක ගත හැකි යයි කී ඒ මහතා, තුවාල ඇති වල්අලින් සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට පියවර ගත බවද පැවසීය.

රෂිනි මෙන්ඩිස්, පල්ලේපොල - නිමල් වල්පිට (http://www.mawbima.lk/news-detail.php?news_id=3066&news_category_id=35)

Monday, April 30, 2012

පානදුර මුහුදේ නැංගුරම් ලා තිබෙන තෙල් නැව ගිලුණොත් අනතුරක්‌ අත ළඟ

පානදුර මුහුදු තීරයේ වසර හතරක පහක සිට නැංගුරම්ලා තිබෙන ඉන්ධන මෙටි්‍රක්‌ ටොන් තුන්සිය පනහකට අධික දැවි තෙල් සහිත භාණ්‌ඩ ප්‍රවාහන නෞකාව පෙරළී යැමේ අවදානම බරපතළ ලෙස වැඩි වී ඇතැයි පරිසර ආරක්‍ෂණ අධිකාරිය "දිවයින" ට පැවසීය. මෙම භාණ්‌ඩ ප්‍රවාහන නෞකාව අංශක හතරකින් වම්පසට ඇලවී ඇතැයි කලින් වාර්තා වී තිබිණි. එම ඇලවීම දිනෙන් දින වර්ධනය වන බව ද පරිසර ආරක්‍ෂණ අධිකාරිය සඳහන් කරයි.
මෙම නෞකාවේ දැවිතෙල් මෙටි්‍රක්‌ ටොන් 350 ට අමතරව යකඩ පයිප්ප ඇතුළු ටොන් විසිදහසකට ආසන්න භාණ්‌ඩ ද ඇතැයි සඳහන්ය. ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක්‌ නිකුත් කර තිබෙන සමුද්‍රීය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී රියර් අද්මිරාල් එස්‌. ආර්. සමරතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ අදාළ නෞකාවේ ඇති දැවි තෙල් මෙටි්‍රක්‌ ටොන් 350 කට අධික ප්‍රමාණය සමුද්‍ර පරිසරයට කාන්දුවිය හැකි බවයි. එමගින් මෙරට දැවන්ත සමුද්‍ර හා වෙරාළාසන්න පරිසර හානියක්‌ සිදුවිය හැකි බව පවැසේ. මේ පිළිබඳව නොවැම්බර් මාසයේ සිටම එම අධිකාරිය විසින් අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත්තේය. කෙසේ නමුත් අනෙකුත් පාර්ශ්වවලින් සිදු සිදු කළ අභියාචනාවලට අනුව අධිකරණයට පැහැදිලි තීන්දුවක්‌ ගැනීමට අපහසු වී තිබිණි. සමුද්‍ර ආරක්‌ෂණ අධිකාරිය විසින් අදාළ තත්ත්වය පිළිබඳ පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව පරිසර අමාත්‍යාංශය විසින් යළිත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. ඒ අනුව නෞකාවේ භාණ්‌ඩ ගබඩාකර නෞකාව වෙන්දේසි කිරීමට අවශ්‍ය පියවර ගන්නයි වානිජ මහාධිකරණය පසුගිය 25 වැනිදා නියෝග කරන ලදී. මේ අතර නාවික හමුදාවේ සහාය සහිතව නෞකාව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එහි ඇතැම් කොටස්‌ දිරාපත්ව තිබෙන බවත් ඉදිරි මෝසම් කාලගුණයට පෙර නැව ඉවත් නොකළහොත් දැඩි අවදානම්කාරී තත්ත්වයක්‌ හටගත හැකි බවත් අනාවරණය විය. 2008 - සමුද්‍ර දූෂණ වැළැක්‌වීමේ අංක 35, දරණ පණත යටතේ මෙම නෞකාව පානදුර මුහුදු තීරයේ අදාළ ස්‌ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය අවසරය අධිකරණයෙන් ලබා ගැනීමට සමුද්‍රයීය පරිසර ආරක්‌ෂණ අධිකාරියට හැකිවී තිබේ. එහි සාමාන්‍යාධිකාරිවරයා පැවැසුවේ පසුගිය නොවැම්බරයේ සිට මේ දක්‌වාම නෞකාව පිළිබඳව තම අධිකාරිය නිරන්තරව අවධානයෙන් පසුවූ බවත්. ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයට ගෙන ගොස්‌ එහි ඇති භාණ්‌ඩ තොගය ඉවත්කර ඉදිරි පියවර ගැනීම වඩාත් පරිසරයට හිතකර වනු ඇති බවත්ය. පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් අදාළ නඩු තීන්දුව ලැබුණු වහාම උද්ගතව ඇති අවදානම් තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් වැඩබලන වරාය කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත්බන්දු වික්‍රම සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් සෝමතිලක දිසානායක යන මහත්වරුන්ව දැනුවත් කරමින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන කටයුතු කරන ලෙස දැනුම් දුන් බව පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ජී. එස්‌. එම්. කැලුම් ගුණතිලක මහතා "දිවයින" ට පැවැසීය. http://www.divaina.com/2012/04/30/news01.html

Thursday, April 19, 2012

ලංකාවට අවේනික කොතල හිඹුටු රට පටවන්න හදයි

ශ්‍රී ලංකා‍වේ ආරක්ෂිත ශාකයක් ලෙස සැළකුණු කොතල හිඹුටු ශාකය අපනයනය කිරීමට රජය මැදිහත්වෙන බව පරිසරවේදී, නීතීඥ ජගත් ගුණවර්ධන මහතා චෝදනා කරයි.


2009 අංක 22 දරණ සංශෝධනය මඟින් Salacia reticulata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර තිබේ. එම වගන්තියට අනුව එම ශාකය සිය ගෙවත්තේ හෝ වෙනත් ඉඩමක හෝ කැළෑවක වැවුනද එය කපා සකස්කිරීමට හෝ අපනයනය කිරීමට හෝ නීතියෙන් අවසර නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. එවන් තත්ත්වයක් පැවතියද වනජීවී සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් එම නීතිය ලිහිල් කිරීමට උත්සාහ දරා ඇතැයි ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

දේශීය කොතල හිඹුටු ශාකය ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදන සඳහා විදෙස් සමාගම් විසින් පේටන්ට් බලපත්‍ර 116ක් පමණ මේ වනවිට ලබාගෙන ඇති අතර කොතලහිඹුටු ශාකයට අදාලව වැඩිම පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්‍‍‍තේද ජපානයයි. Source: Thambapanne.Net


http://youtu.be/N49p4F-9Fas


කොතලහිඹුටු ජපානයට පැටවීමේ ජාවාරමක් (http://sinhalaya.com/news/sinhala/2012/04/20/6328/)
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතින් ආරක්ෂිත ශාක බවට නම් කර ඇති කොතල හිඹුටු ශාකය ජපානයට පැටවීමේ ජාවාරමක් පිළිබඳව පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා විසින් පෙන්වා දෙයි.

මේ පිළිබඳව ඒ මහතා දැක්වූ අදහස් සහිත හඬ පටය ජාතික හෙළ උරුමය මාධ්‍ය ඒකකය විසින් අප වෙත එවා ඇත.

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතැයි පැවසෙන ලිපිය









කොතල හිඹුටු වලට නීතිවිරෝධි අවසරයක් (http://www.nethfm.com)

පවතින නීති උල්ලංඝනය කරමින් අපනයන අරමුණින් කොතල හිඹුටු වගාකිරීමට ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යංශය ආයෝජනය මණ්ඩලයට අවසර ලබාදී තිඛෙනවා. එම අමාත්‍යංශයේ ලේකම් උදේනී වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කරනු ලැබ ඉකුත් මස 23 වනදා ලියන ලද ලිපියක දැක්වෙන්නේ කොතල හිඹුටු අස්වනු නෙලීමට, වේලීමට, ප්‍රවාහනය හා ගබඩා කිරීමටද ආයෝජන මණ්ඩලයට අවසර ලබාදෙන බවයි. එවැන්නක් සිදුවුවහොත් පාරිසරික හානියක් මෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථීක අවාසියක්ද සිදුවන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා. ඒ මහතා නෙත් ඩේ ටයිම් නිවුස් සම`ග කළ සංවාදයක කොටසක් මේ..........

කොතල හිඹුටු ශාකය දේශීය වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර ස`දහා යොදා ගැනෙනවා. ඒ, මදුමේහය, චර්ම රෝග, සෙංගමාලය සහ ඇතැම් සමාජ රෝගවලට ඖෂධයක් ලෙසයි. මදුමේහය සමනය කළ හැකි ඖෂධීය ගුණාංගවලින් කොතලහිඹුටු සමන්විත බව පසුකාලීන පරීක්ෂණවලින්ද තහවුරු වුණා. ඒ ඇසුරෙන් කෙරෙන නිෂ්පාදනවලට විදෙස් රටවල සමාගාම් විසින් ලබාගෙන ඇති පේටන් බලපත්‍ර සංඛ්‍යාව සියයකට වැඩියි.