Tuesday, November 22, 2011

First known night-flowering orchid discovered

LONDON — Botanists have discovered the first known species of orchid that flowers at night, London's Kew Gardens announced on Tuesday.

Bulbophyllum nocturnum, found on the island of New Britain near Papua New Guinea, has flowers that consistently open after dark and close in the morning, the only one with those characteristics amongst the 25,000 orchid species known to science, the Royal Botanic Gardens said.

The flowers last for one night only, a habit which initially foxed researchers who could not understand why the buds all appeared to wither once they had seemingly reached the size at which they should open.

Wanting to get to the bottom of this, Dutch researcher Ed de Vogel took the plant home with him one evening in order to find out exactly what happened to the buds.

"To his surprise, the bud that was then present opened up at ten in the evening, long after dark, revealing the flower of an undescribed species," a Kew Gardens spokesman said.
Observations on subsequent buds confirmed that they all opened around 10pm, and closed the next morning around 10am. The flowers lasted only one night, which explained why the buds were seemingly about to open one day and withered the next.

Kew orchid specialist, Andre Schuiteman, and Bulbophyllum expert Jaap Vermeulenof the Netherlands Centre for Biodiversity Naturalis, then teamed up with de Vogel to investigate and describe the new species.

?This is another reminder that surprising discoveries can still be made," Schuiteman said.

"But it is a race against time to find species like this that only occur in primeval tropical forests. As we all know, such forests are disappearing fast. It is therefore increasingly important to obtain funding for the fieldwork required to make such discoveries.?

Why Bulbophyllum nocturnum has adopted a night flowering habit is unknown and requires further investigation. However, it may be speculated that its pollinators are midges that forage at night, the Kew sookesman said.

Flowers that open only at night are seen in a relatively small number of plant species, such as the queen of the night cactus, the midnight horror tree and night blooming jasmine, but never been documented amongst orchids.

Many orchids are pollinated by moths, but have flowers which remain open during the day even though they are mainly pollinated after dark.

The new species belongs to a group of plants which are known for their bizarre flowers, which variously resemble leggy insects, small hairy spiders to intricate sea creatures and often have thin filaments which make them move erratically in the breeze - possibly to attract insects.

Kew Gardens will stage an orchid festival from February 4 to March 4 next year.


Copyright © 2011 AFP. All rights reserved.

Thursday, September 22, 2011

විල්පත්තුවේ අක්කර 245 ක අලින් ගේ නිජබිමක් විනාශයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආශ්‍රිත ව මොරඩවිල්ලුව හා තවුසමඩුව ප්‍රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ වනාන්තර ඉඩමක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ පුත්තලම දිස්ත්‍රික් ලේකම්, වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් හා වනාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති යන අය විසිනි. මේ වන විට මේ වනාන්තර ප්‍රදේශයේ විශාල ශාක කපා ඉවත් කිරීම සිදු කරමින් පවතින අතර, එය ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය දැව සංස්ථාව විසිනි. මේ දැව හෙළීම හා දැව ඉවත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබෙන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි මේ වනාන්තර ප්‍රදේශය අලි ඇතුන් ගේ ප්‍රධාන ගැවසුම් භූමියකි. මේ වනාන්තර එළි පෙහෙළි කිරීම් හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල අලි – මිනිස් සහජීවනය බිද වැටී විවිධ හානිකර තත්ත්වයන් ඇති විය හැකි ය.


එසේම කලාඔය ආශ්‍රිතව මේ වගා ව්‍යාපෘතිය සිදු කිරීම හේතුවෙන් ඒ සඳහා යොදන රසායනික පළිබෝධ නාශක හා රසායනික පොහොර වර්ග කලා ඔයට එක් වී ඒවා අවසානයේ පුත්තලම කලපුවේ සාන්ද්‍රගතවීම සිදු වේ. මේවා කලාඔය කඩොලාන තීරයේ මත්ස්‍ය විශේෂවල හා ඉස්සන්, කකුළුවන් වැනි අපෘෂ්ඨවංශීන් ගේ බෝවීම් ක්‍රියාවලියට ඉතා හානිකර ලෙස බලපෑ හැකි ය. එය කලපු මත්ස්‍ය අස්වැන්නට මෙන් ම ධීවර ජනතාවට ද ඉතා හානිකර ලෙස බලපානු ඇත.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත ප්‍රේරක කලාපයේ යම් සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමට ප්‍රථමයෙන් ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන් ලබාගත යුතු ය. නමුත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් එවන් අනුමැතියක් ලබාගෙන නොමැත. 1990 අංක 12 දරන වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයිම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එම නීතිමය ප්‍රතිපාදනය ද මෙහි දී උල්ලංඝනය කර තිබේ. සංශෝධිත 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධනය කිරීමේ ආඥා පනතට අනුව මෙවන් මහ පරිමාණ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් අදාළ සියලු ම රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් හෝ ලබා ගෙන නොමැත.


මේ නීතිමය ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් රාජ්‍ය අංශයේ මැදිහත්වීම යටතේ ඔවුන් ගේ හිතුමනාපයට සිදු කරන මේ හානිකර ක්‍රියාව වහාම මැඩපැවැත්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් පරිසර අධිකාරිය හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක විය යුතු ව ඇත. එ සේ නොවුනහොත් මේ ප්‍රදේශයේ පාරිසරික ප්‍රශ්න රැසකට හා අලි – මිනිස් සහජීවනය බිඳවැටීමට මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් බලපෑ හැකි බව සජීව චාමිකර වැඩිදුරටත් පවසයි.

මේ පිළිබදව වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ආචාර්ය සමන් සේනානායක පවසන්නේ මෙම භුමියේ කිසිදු කටයුත්තකට තම අධිකාරිය කිසිදු අනුමැතිය ලබා දී නොමැති බවයි. එසේම මේ පිළිබදව අදහස් දක්වන පුත්තලම දිස්ත්‍රික් ලේඛම්වරයා පවස්නේ මෙයට අනුමැතිය ලබාගෙන මෙය සිදු කරන බවයි. කෙසේ වෙතත් වනසංරක්ෂන දේපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි නිළධාරීයෙකු ප්‍රකාශ කලේ ”අපට විල්පත්තුව අයිති නැති බවත් වන ජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුවට මෙය අයිති බවත්ය.” වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබදව විමසීමට ගත් සියලු උත්සහයන් ව්‍යාර්ත විය.

http://vikalpa.org/?p=7864

Wednesday, September 21, 2011

සොරගුණේ වනාන්තරයෙන් අක්කර 600ක් ගෝල්ෆ් ව්‍යාපෘතියකට

බදුල්ල, සොරගුණේ ප්‍රදේශයේ වනාන්තර ඉඩම් අක්කර 628ක් ගෝල්ෆ් ක්‍රීඩාංගණයක් ඇතුළු හෝටල් ව්‍යාපෘතියකට පවරා දී ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
රුපියල් මිලියන 6ක පමණ මුදලකට ඇල්ෆා ඇන්ඩ් ඔමෙගා නැමැති සමාගමකට මෙම ඉඩම් පවරා දී ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි.


බෙරගල ගොල්ෆ් රිසෝට් නැමැති හෝටල් ව්‍යාපෘතියට සහ ගෝල්ෆ් ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා කොළඹ 07, ධර්මපාල මාවතෙහි අංක 65 දරණ ස්ථානයේ පිහිටි බැව් පැවසෙන ඇල්ෆා ඇන්ඩ් ඔමෙගා නැමැති සමාගමකට මෙම ඉඩම් පවරා දී තිබේ. එම සමාගම අයත් ඇමරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තෙකුට මේ වන ඉඩම් ප්‍රදේශ අලෙවි කර තිබේ.

මෙලෙස පවරා දී ඇත්තේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත්ව තිබූ ඉඩම් ප්‍රමාණයක් වන අතර මෙම වනාන්තර ප්‍රදේශය වේලිඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයද බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ගොවි පවුල් දහස් ගණනක් සිය ජීවිකාව සළසා ගන්නේ වේලි ඔය ව්‍යාපාරය ඇසුරෙන් බවත් රජය විසින් රුපියල් මිලියන 850ක් පමණ වැයකොට ගොඩනැගූ වේලි ඔය අමුණ ව්‍යාපෘතියද මේ හේතුවෙන් විනාශ වී යාමේ තර්ජනයක් උද්ගතව ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.


වේලි ඔය ව්‍යාපෘතිය යටතේ ගොඩ ඉඩම් අක්කර හාරදහසක්ද, මඩ ඉඩම් අක්කර හාරදහසක් පමණද වගා කරන බව පෙන්වා දෙන එම සංවිධානය පවසන්නේ කාල්කන් ඔය, දෙමට ආර, සහ පතහඔය නම් වේලිඔය ව්‍යාපාර‍යේ ප්‍රධාන ජල මාර්ගවල පෝෂක ප්‍රදේශය වන්නේ මෙම වනාන්තරය බවයි. එමෙන්ම මේ හේතුවෙන් අවට ගම්මාන 35ක පමණ ජනතාවගේ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික ජීවන රටාවන් සම්පූර්ණයෙන්ම අවධානමට ලක්කර ඇතැයිද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම උඩවලව-බෝගහපට්ටිය හරහා වැටී ඇති අලි මංකඩ වැටී ඇත්තේ මෙම වනතීරුව හරහා වන අතර එම ප්‍රදේශ විනාශ වීමෙන් අලි මිනිස් ගැටුම උග්‍රවිය හැකි බවද ප්‍රදේශවාසීහූ පෙන්වා දෙති.

1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත යටතේ යම් පූජනීය ස්ථානයක් සතු ඉඩම් වලින් එම පූජනීය ස්ථානවලට අදාල නිල පංගුව ඉ‍ටු නොවන්නේ නම් පමණක් පමණක් එම ඉඩම් පවරා දිය හැකි නමුදු ප්‍රදේශවාසීන් විසින් මෙම දේවාලයට අදාලව අනූ නව වැදෑරුම් රාජකාරි ඉටුකරමින් සිටියදී ද එම වැසියන් මහමඟට ඇද දමමින් දේවාලයේ බස්නායක නිලමේ වන රවීන්ද්‍ර කළුපහන නැමැත්තෙකු විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මැදිහත් වී ඇතැයි ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

මෙම සොරගුණේ වනාන්තරය තුළ ඇති අරළු, බුළු, නෙල්ලි, බුරුත, කහට, ගම්මාලු වැනි වටිනා ශාක මෙන්ම මෙම ප්‍රදේශයට පමණක් ආවේණික ඌව මැන්ඩෙරා වැනි දුර්ලභ ශාක විශේෂ රාශියකද පැවැත්ම මේ හේතුවෙන් විනාශ වීමේ අවධානමක් මතුව ඇති බවද සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.‍
මේ වනවිට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් විසින් ජනාධිපති කාර්යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ඌව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය ඇතුළු ආයතන 26කට දැනුම් දී ඇතත් මෙම ගෝල්ෆ් ව්‍යාපෘතිය හරහා සිදුවන පරිසර ව්‍යාපෘතිය වැළැක්වීමට කිසිවෙකු පියවර ගෙන නැතැයිද ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

දහස් ගණන් ගොවි ජනතාවගේ ජීවිත මහමඟට ඇද දමමින් විදේශිකයන් වෙනුවෙන් ගෝල්ෆ් ක්‍රීඩා පිටි ඉදිකිරීම කෙ‍තරම් අසාධාරණද යන්න වටහාගත හැක්කේ බත්කන මිනිසුන්ටම පමණක් බවද සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Source : lankatruth

Tuesday, September 13, 2011

සිංහරාජය හරහා පාර කැපීමට යුනෙස්කෝවේ අවධානයට

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස පැරිසීයේ පිහිටි ලෝක උරුම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. ශ‍්‍රී ලංකා යුනිස්කෝ ජාතික කොමිසන් සභාවේ ලේකම් ජෙනරාල් ආර්.පී.පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ  ලෝක උරුමයක් වු සිංහරාජය ආරක්‍ෂා කිරීම රජය සතු වගකීමක් බවයි. එසේ නොමැති වුවහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වනු ඇතැයි ඔහු පවසයි.


සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීම පසුගිය දා ආරම්භවූ අතර  කලවානේ සිට රක්වාන දක්වා කිලෝමීටර් 06 ක දුරක් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.

උපුටා ගැනීම : http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=7601:2011-09-13-05-40-38&catid=1:2010-11-08-15-13-52&Itemid=50

සංවර්ධනය මුවාවෙන් සෝමාවතිය මරු කටට

මහවැලි නිම්නයේ ජීවත්  වන විල් අලියා ගේ  සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය  ජාතික වනෝද්‍යානයේ  ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක්ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින්පවතී. 
පොළොනන්රුදිස්ත‍්‍රික්කයෙ,්වැලකි න්ද ප‍්‍රාදේශයී ලේකම් කොට්ඨාසයට අයත් කන්දකාඩුපෙ‍්‍රද්ශයේ මේ මහාපරිමාණ  වනාන්තර  එළි  පෙහෙළි  කිරීම  සිදු  වේ.බැකෝ  යන්ත‍්‍ර  යොදා  ගෙන  හය  සිය  දෙනකු  ගේ  පමණ  ශ‍්‍රම දායකත්වයෙන් මේවනාන්තර විනාශය සිදු වේ. මහවැලි ගඟ හා සම්බන්ධ කන්දකාඩුව ඇළ ආසන්නයේ සිටමහවැලි ගඟ දක්වා පිහිටි තෙත් විල්ලූ, වියළි සදාහරිත වනාන්තර හා ගංගාශ‍්‍රිතවනාන්තර සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත.
සෝමාවතිය  ජාතික  වනෝද්‍යානයට  අයත්  ඉඩම්  මෙලෙස  මහා  පරිමාණයෙන්  විනාශ  කරනු  ලබන්නේ  ඇමරිකාවේ කැලිෆෝනියා  ප‍්‍රාන්තයේ  වෙස්ට්  ලේක්  විලේජ්හි  පිහිටි  ‘ඩෝල්’  නම්  මහා  පරිමාණ  බහු  ජාතික  සමාගමේ  ලංකාවේහවුල්කාර සමාගම වන ”ලෙට්ස් ග්‍රෝ” නම් ආයතනය විසිනි. මේ සමාගමේ හිමිකරුවන්වන්නේ හිටපු ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්  දෙදෙනකු වන ප‍්‍රමෝදයවික‍්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය. ඔවුන් මේ ඉඩම් ලබාගෙන  ඇත්තේ යුදහමුදාවෙනි. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයේ පැවැති මේ වනාන්තරමුදාගැනීමෙන් පසු ව යුද හමුදාව භාරයේ පැවැතිණි. මුදාගැනීමෙන් පසු ව ඔවුන් ඒප‍්‍රදේශවලින් ඉවත් වී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා සිවිල්පරිපාලනයට නතු කිරීම වෙනුවට කෙළේ වනාන්තරය එළි පෙහෙළි කිරීම ය. පළමු ව යුදහමුදාව විසින් ම මෙහි වගා බිම් ඇති කරන ලදී. අද වන විට එල්.ටී.ටී.ඊ.පුනරුත්ථාපන රැඳවියන් යොදාගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිත වනාන්තරඅක්කර 3500ක් පමණ එළි කර ගොවිපොළක් ආරම්භ කර ඇත. ඉන්පසු ව ලෙට්ස් ග්‍රෝසමාගමට වනාන්තර අක්කර  11600  ක්  යුද  හමුදාව විසින්  වගා  කිරීම  සඳහාදෙනු ලැබ  තිබේ.  පළමු අදියරේ  දී මේ සමාගම වනාන්තර අක්කර 5000 ක් පමණ එළිකර කෙසෙල් වගාව ව්‍යාප්ත කර ඇති අතර, ඉදිරියේ දී සත්ත්ව ගොවිපොළක් ඇතිකිරීම හා කෘෂි සංචාරක කර්මාන්තය :්ටරද ඔදමරසිප* ක‍්‍රියාත්මක කිරීමටත් මේසමාගම සැලැසුම් කර තිබේ. රටක් දියුණු වීමට නම් මෙවැනි දෑ සිදු කළ යුතු බවඅපි අවිවාදයෙන් පිළිගනිමු. එහෙත් ඒ සඳහා වනජීවීන් වෙනුවෙන් වෙන්කළ ජාතිකවනෝද්‍යානයක, වන සතුන් බොහොමයකට රැුකවරණය සලසන මහවැලි ගෙඟ් පෝෂක ප‍්‍රදේශභාවිතයටගන්නේ නම් ඉන් සිදු වන හානිය, ලැබෙන ප‍්‍රතිලාභවලට වඩා ඉතා විශාල ය.
මේ ව්‍යාපෘතිය යහපත් ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට මේ සමාගමේහිමිකරුවන්ට සැබෑ වුවමනාවක් තිබුණේ නම් ලංකාවේ දැනට පවතින පාරිසරික නීතිඋල්ලංඝනය කරමින් සිදු නො කර, ඊට සුදුසු ඉඩම් තෝරාගෙන විධිමත් පරිදික‍්‍රියාත්මක කළ හැකි ව තිබිණි. එසේ නොමැති ව නීතිවලට පිටතින් යමින් කටයුතුකළ සමාගමක්, ඉදිරියේ දී රටට යහපත් යමක් සිදු කරනු ඇතැ යි සිතිය නො හැකි ය.
ඩෝල් සමාගමේ ඉතිහාසය දෙස බැලූව ද එය කළු ඉතිහාසයක් ඇති සමාගමක් බව පෙනේ.ලෝකයේ රටවල් 90 ක පමණ  එළවළු  හා  පළතුරු  නිෂ්පාදන  300  කට  වැඩි  ප‍්‍රමාණයක්  නිපදවන  මේ  සමාගම,  2005  වසරේ  දී  ඊකෝලයි රෝගකාරකය  ඇමරිකාවේ  ජනපද  26  ක  ව්‍යාප්ත  කිරීමට  දායක  වී  තිබේ.  සලාද  කොළ  මඟින්  මේ  රෝගකාරකය ඇරිසෝනා, කැලිෆෝනියා, මිනසෝටා, නිව්යෝක් ඇතුළු ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට හවුල් වී තිබේ. මීට අමතර ව නිකරගුවාවේ ඩෝල් සමාගමට අයත්වගා බිම්වල 1985දී ඇමරිකාවේ තහනම් කළ ඩයිබ්‍රෝමො ක්ලෝරෝ ප්‍රොපේන් නම්පළිබෝධ නාශකය අධික ව භාවිත කර තිබේ.එහිප‍්‍රතිඵලයක් ලෙස සේවකයන් වඳ භාවයට පත් ව තිබේ. එහි සේවකයන් විසින් මේසමාගමට එරෙහි ව නඩු පවරන ලදී. එහෙත් සමාගම සේවකයන්ට මුදල් ලබා දී, තමන් එකීසමාගමට අයත් ඉඩම්වල සේවය කළ අය නො වන බවට අධිකරණය ඉදිරියේ දී ප‍්‍රකාශ ලබාදී තිබේ. පසු ව 2009 වසරේ  දී  මේ  නඩුවේ  අගතියට  පත්  පාර්ශ්වය  වෙනුවෙන්  පෙනී  සිටි  නීතීඥ  ජුවන්  ඩොමින්ගෙස්  අසත්‍ය  සාක්ෂ්‍යඉදිරිපත් කිරීම, සාධාරණත්වයට අවහිර කිරීම, අධිකරණයට වංචා කිරීම හා ඇමරිකාසමාගමකට එරෙහි ව කුමන්ත‍්‍රණ කිරීම ආදී අපරාධ ගණනාවක් සම්බන්ධයෙන්විමර්ශනයකට භාජනය  කැරිණි. ඩෝල් සමාගමේ මුදල් බලය ඉදිරියේ සාධාරණත්වයවෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකුට අවසානයේ සිදු වූයේ මෙවන් ඉරණමකට මුහුණ පෑමටයි.
නිකරගුවාවේ, ඩෝල් සමාගමේ සේවකයනට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ස්වීඩන්ජාතික ෆ්‍රෙඩි‍්‍රක් ගර්ට්න් විසින් වාර්තා චිත‍්‍රපටයක් නිපද වූ අතර, එයලොස්ඇන්ජලිස් චිත‍්‍රපට උලෙළේ තිරගත කැරිණි. ඊට එරෙහි ව ඩෝල් සමාගමලොස්ඇන්ජලිස් අධිකරණයේ නඩුවක් ගොනු කෙළේ ය. 2010වසරේ දී එය ප‍්‍රතික්ෂේපකළ අධිකරණය, මේ චිත‍්‍රපටය ඇමරිකාවේ පෙන්වීමට අවස්ථාව ලබා දුන් අතර, චිත‍්‍රපට නිෂ්පාදකයාට ඩොලර් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට ඩෝල් සමාගමටනියෝග කෙළේ ය.
මෙවන් අපකීර්තිමත්  සමාගමක්  ලංකාවේ  මහා පරිමාණ වගා කටයුතු  සඳහාආයෝජනය කිරීම  පිළිබඳ  ව හා රටට ගෙන්වා ගැනීම පිළිබඳ ව රටේ අනාගතය පිළිබඳ වසිතන පිරිසක් ලෙස අපි කනගාටු වෙමු. පසුගිය ජුලි දෙවන දා වනජීවී සංරක්ෂණදෙපාර්තමේන්තුව, සෝමාවතිය ජාතික  වනෝද්‍යානයේ මේ සමාගම යටතේ ඉඩම් එළි කිරීමසිදු කරන ‘නුවන් ලක්ෂිත’ නමැත්තා අත් අඩංගුවට ගත් නමුත් ඔහු අධිකරණය වෙතඉදිරිපත් නො කර මුදාහැරියේ මන්දැයි අපට ගැටලූවකි.

අද  වන විට  වනජීවී  නිලධාරීන්ට පවා මේ වනාන්තර ප‍්‍රදේශයට  පිවිසීමට  නො  හැකි  තත්ත්වයට  පත්  වී  ඇත.  යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේමේ වනාන්තරය ඩෝල් සමාගමේ ලාංකීය හවුල්කරුවා වන ලෙට්ස් ග්‍රෝ සමාගම මඟින්වේගයෙන් එළිපෙහෙළි කර ගෙන යනු ලැබේ. ඒ සඳහා පොළොන්නරුව, වැලිකන්ද ආදීප‍්‍රදේශවලින් ශ‍්‍රමිකයන් බස්රථ දෙකක් මඟින් ව්‍යාපෘති භූමිය වෙතප‍්‍රවාහනය කරනු ලැබේ. අද වන විට කෙසෙල් පැළ සිටුවා ඒවාට මහවැලි ගෙඟ් හාකන්දකාඩුව ඇළෙන් ජලය පොම්ප කැරේ.

මේ  වගා  බිම්  ව්‍යාප්ත  කර  ඇත්තේ  මහවැලි  ගෙඟ්  පිටාර  බිම්වල  ය.  මේ  පිටාර  බිම්වල  බෙරු  තණ  ඉතා  හොඳින් වැඩෙන  අතර, ඒවා අලි -  ඇතුන්  ගේ ප‍්‍රධාන  ආහාරය  වේ. තව  ද මහවැලි  ගෙඟ් ගලා ගෙන  එන රොන්මඬ  මේප‍්‍රදේශවල තැන්පත් වීමෙන් අලි ඇතුන්ට ඉතා පෝෂ්‍යදායී තෘණ ආහාරයට ලැබේ. මේහේතුවෙන් අලි - මිනිස් ගැටුම සාපේකෂ ව අඩු මට්ටමක පවතී. මේ ප‍්‍රදේශයේවනාන්තර ප‍්‍රමාණය, තෘණබිම් ප‍්‍රමාණය හා ජල රැුඳවුම් ප‍්‍රමාණය අලි -ඇතුනට ඉතා යෝග්‍ය මට්ටමක පවතී. එහෙත් මේ ව්‍යාපෘතියත් සමඟ ම ඒ තත්ත්වය උඩුයටිකුරු වෙමින් පවතී.
මහවැලි ගඟ මේ ප‍්‍රදේශයේ දී අස්ථායී ව ගමන් කරන අතර, වැසි කාලයට විල්ලූහරහා නව මං තනමින් පැතිරී යයි. එහෙයින් මේ ප‍්‍රදේශයේ ක්ෂුද්‍ර වාසස්ථානබහුතරයක් දැකගත හැකි අතර, ඒවාට බොහෝ ජීවීන් අනුවර්තනය වී තිබේ. දැනට වගාබිම් සඳහා විනාශ කර ඇත්තේ මේ වාසස්ථාන සමස්තය යි. එපමණක් නො ව මහවැලි ගෙඟ්ඉවුරු පවා ඩෝසර් මඟින් විනාශ කර තිබේ.

ඉදිරියේ  දී  මහා  පරිමාණ  කෙසෙල්  වගාවට  හා  සත්ත්ව  ගොවිපොළට  භාවිත  කරන  පළිබෝධනාශක,  රසායනික පොහොර ඇතුළු විවිධ දෑ නිසා සෝමාවතිය ජාතිකවනෝද්‍යානයේ ජීවීන්ට හා මහවැලි ගඟ, කන්දකාඩුව ඇළ දැඩි
තර්ජනයකට ලක් විය හැකි ය.


වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව  1986 සැප්තැම්බර් 02 වන දින අංක 417/5දරන ගැසට් නිවේදනයෙන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයක් ලෙසප‍්‍රකාශයට පත් කරන ලදි.පසු ව 1987මැයි 09වැනි දින අංක 453/30ගැසට්නිවේදනය මඟින් තවත් වනාන්තර හෙක්ටයාර 16,589ක් ජාතික වනෝද්‍යානයට එක්කැරිණි.ඒ අනුව අද වන විට ජාතික වනෝද්‍යානයට අයත් සමස්ත භූමි ප‍්‍රමාණයහෙක්ටයාර 37,645 ක් පමණ වේ.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතාආරක්ෂක ආඥා පනතේ 05 සහ 06 වගන්ති සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් මේ  නීතිවරෝධී වගා කටයුතු සිදු කැරේ. ජාතික  වනෝද්‍යානයකට අනවසරයෙන්  ඇතුළුවීම,  එළිකිරීම,  වගාබිම්  ව්‍යාප්ත  කිරීම  යන  මේවා  සියල්ල  නීති  විරෝධී  ක‍්‍රියාවන්  වන  අතර අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නො හැකි වරදකි. එහෙත් මේසමාගමේ මුදල් බලයත්, යුද හමුදාවේ රැුකවරණයත් හේතු කොට කිසිදු සිවිල්නීතියකට යටත් නො වී මේ හානිකර වගා බිම් ව්‍යාප්තිය සිදු වෙයි. එවන්තත්ත්වයක් රට තුළ පවතින්නේ මක් නිසා දැ යි අපි ප‍්‍රශ්න කර සිටිමු.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් වී මේ වගා ව්‍යාපෘතියඉවත් කිරීමට පියවර නොගත හොත්,සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වනාන්තර ඉඩම්සියල්ල ඊනියා සංවර්ධනයට සම්පූර්ණයෙන් ම ගොදුරු විය හැකි බව අපි කල්තියාඅන්තරාය අඟවමු.


සජීව චාමිකර