Wednesday, October 6, 2010

"ඒනිව් රේටඩ් සයිමෝනිස්" කළුතරින් නැවත හමුවෙයි

ශ්‍රී ලංකාවේ වද වී යන කුහුඹුවකු ලෙස හදුන්වන "ඒනිව් රේටඩ් සයිමෝනිස්" කළුතර දිස්ත්‍රික්කයේ කිරිකන්ද වත්ත ප්‍රදේශයේ ජීවත්ව සිටින බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.



කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය ශ්‍රියාණි ඩයස් මහත්මිය සදහන් ක‍ළේ, එම කුහුඹු කුලයට අයත් දැනට ජීවත් වන එකම කුහුඹු වර්ගය "ඒනිව් රේටඩ් සයිමෝනිස්" බවය.

ලොව පුරා විද්‍යාඥයින් ශ්‍රී ලංකාවට ආවේණික එම කුහුඹුවා පිළිබද පර්යේෂණ ආරම්භ කර ඇතැයි, මහාචාර්යවරිය  වැඩිදුරටත් සදහන් කළාය.
ඇය සදහන් කළේ, ප්‍රථමයෙන් 1956දී අමෙරිකානු විද්‍යඥයින් එම කුහුඹුවා මහනුවර, පේරාදෙණිය යන ප්‍රදේශවල ජීවත් වු බවට අනාවරණය කර ගෙන තිබු බවය.

By : http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=5538:q-q-&catid=1:news-left&Itemid=18

No comments:

Post a Comment