වනජීවි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසුවේ, ලිහිණින් මිය යාමට හේතුව සෙවීම සඳහා තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක බවයි.පරික්ෂණ සඳහා වැහිලිහිණින්ගේ ශරිර කොටස් අද දිනයේ ද ගන්නෝරුව පශු පර්යේෂණ ආයතනයට යවන බව ඔහු සඳහන් කළේය.
ඊයේ දිනයේ දී මිය ගොස් සිටි වැහිලිහිණි සිරුරු 8ක් සොයා ගැනිණි.
දෙහිවල, පානදුර, කළුතර, මාදිවෙල, සහ තලාහේන යන ප්‍රදේශවලින් එම සිරුරු සොයාගෙන තිබේ.
බූන්දලම මුහුදු ප්‍රදේශයෙන් ද වැහිලිහිණින්ගේ සිරුරු සොයා ගනු ලැබ තිබේ.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ, එම වැහිලිහිණින් ජලාශවල සිටියදි මියගියේද නැත්නම් පියාඹන විට මිය ගියේ ද යන්න පිළිබඳ පරික්ෂණ පවත්වන බවයි.
by: http://www.ethalaya.com
No comments:
Post a Comment