Tuesday, August 2, 2011

ලංකාවේ වනාන්තර පළතුරු නිෂ්පාදන සමාගම්වලට විකුණයි

මෑතකදී සිට CIC කෘෂි ව්‍යාපාරයට හා ලොව පලතුරු නිෂ්පාදනය කරන විශාලතම සමාගම වන Doleසමාගමට මෙරට වනාන්තර සහ ගොවි බිම් අක්කර දහස් ගණනක් බදු දීම ආරම්භ කර තිබේ.







ඒ අනුව sninzen- on Kok හාC. I. C.සමාගම් කෙසෙල් ව්‍යාපෘති සඳහා අද වන විට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කන්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් චුන්ඩන්කාඩුව රක්ෂිතයෙන් ඉඩම් අක්කර 5000ක් හා චුන්ඩන්කාඩුව යෝජිත රක්ෂිතයේ ඉඩම් අක්කර 10000ක් ලබාදීමට යෝජනා කර ඇත. ඒ 2009ජුනි 09වන දින ලබාගත් කැබිනට් අනුමැතිය අනුවය. මෙම උත්සාහය අවස්ථා දෙකකදීම යටපත් වූ නමුදු නැවත හිස ඔසවන බවට තොරතුරු ලැබී ඇත.

මෙයට අමතරව ලොව පුරා කෘෂි අධිරාජ්‍යවාදය ව්‍යාප්ත කරන Doleනැමති ඇමරිකානු සමාගම, බුත්තල, කුඩා ඔය, පුත්තලම, ගාල්ල, සෝමාවතිය යන වනාන්තර ප‍්‍රදේශ වල ඉඩම් අක්කර 20,000වැඩි ප‍්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු කරයි. මෙහිදී රජයෙන් ලබා ගන්නා ඉඩම් වලට අමතරව සමාගමේ නියෝජිතයන් ගොවීන්ට උදව් කරමින් පුද්ගලික ඉඩම් අවශ්‍යතාවයට ඉඩම් මිළදී ගැනීමේ ක‍්‍රමවේදයද සමාගම වෙනුවෙන් ඉඩම් රැස් කිරීමද සිදු වේ.

මෙලෙස විදේශීය සමාගම් වලට ඉඩම් නතු කිරීම මෙරට සිවිල් නීතිය මෙන්ම පරිසර නීතියට ද පටහැනි කාරණයකි. වනාන්තර ඉඩමක් පවරා ගැනීමේදී ඒ පිළිබඳ ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කොට පරිසර තක්සේරු වාර්ථාවක් සකස් කර ජනතා කැමැත්ත විමසිය යුතු අතර මෙම ඉඩම් ලබාදීමේදී එවැනි විනිවිද මෙන් නිත්‍යානුකූල භාවයකින් මෙම කටයුතු සිදු වී නොමැත.

දැනට ජාතික පාරිසරික නීතිය නොසලකා බුත්තල සහ හදපානාගල සිදු කරන ලද වගාවන් වෙනුවෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තා සැකසීමට ඩෝල් ලංකා සමාගම කටයුතු කරන බවත් වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට කන්දකාඩුව ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් මහා පරිමාණ ලෙස දැව හෙලීමක් සිදු කරමින් සිටී. මෙම දැව එම ස්ථානයේම පුලූස්සා දැමීමද සිදු වන්නේ වනාන්තරය විනාශ කිරීම පිළිබඳ වෙනත් කිසිවකු දැනුවත් වීම වැලැක්වීම සඳහාය. දැනටමත් හෙලි කරන ලද ප‍්‍රදේශ වල කෙසෙල් වගාව සිදු කර ඇත. එමෙන්ම එම වගාබිම් වලට පැමිනෙන අලි වෙඩි තැබීමත්, විදුලි වැටවල් ඉදි කිරීමත් සිදු වෙමින් පවතී. මෙම හෙලිකිරීම් කොතරම් බිම් ප‍්‍රමාණයක් ආක‍්‍රමණය කර නතර වන්නක්ද යන්න කිව නොහැක. (මෙහි දැක්වෙන්නේ කන්දකාඩුව ප්‍රදේශයේ කැලෑ බිම් එළිකරන අයුරුය)

රවීන්ද්‍ර කාරියවසම්

http://www.lankatruth.com/sin/index.php/news/local-news/12019-2011-07-28-03-00-40

No comments:

Post a Comment