Wednesday, August 10, 2011

අලි සංගණනයෙන් සියලු පරිසර සංවිධාන ඉවත්වෙයි

අලි සංගණනයෙන් පසු එම දත්ත උපයෝගී කොටගෙන අලි ඇතුන් හා අලිපැටවුන් 300ක්‌ පමණ හීලෑ කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා එම සංගණනයෙන් ඉවත්වීමට සියලු පරිසර සංවිධාන තීරණය කර තිබේ.

අලි ඇතුන් ගෘහාශ්‍රිත කිරීමේ අනිටු ඵල විපාක දැනටමත් අපභුක්‌ති විඳිමින් සිටින බවත් මෙම සියවස උඩදී අලි ඇතුන්මෙරටින් වඳවී යැමේ තර්ජනයට මුහුණපා ඇති බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මෙරට පැවැත්වෙන පෙරහැරවලට අවශ්‍ය අලි ඇතුන් ප්‍රමාණයේකිසිදු හිඟයක්‌ නොමැති බවත් අවධාරණය කරන පරිසර සංවිධාන එකමුතුව විහාරස්‌ථාන සඳහා යෑයි පවසමින් අලි ඇතුන් අල්ලාගැනීමට තැත්කිරීම හරහා ක්‍රියාත්මක වන්නේ වෙනත් වෙනත්පෞද්ගලික වුවමනාවන් යෑයි සඳහන් කරයි.
වන අලි ඇතුන් සමීක්‍ෂණය කෙරෙනුයේ වෙනත් කිසිදු පුද්ගලයකුටලබාදීමට නොවන බව ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්.චන්ද්‍රසේන මහතා දැන් පවසන්නේ නම් එය එසේ සිදුවන්නේ වෙනත් පාර්ශ්වයකගේ බලපෑමකට යටත්ව මිස සැබෑ ලෙසම තම අරමුණ වෙනස්‌කර නොගෙන බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.
වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති අලි ඇතුන් රැකගැනීමට ඇමැතිවරයාට සැබෑ ලෙසම අවශ්‍ය නම් ඇමැතිවරයා කළ යුතුව ඇත්තේ පෞද්ගලික ඕනෑ එපාකම් අනුව කටයුතු කිරීම නොවන බවත් ඔවුහු පවසති.
කොළඹ 07නිදහස්‌ මාවතේ පිහිටි ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛනසේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයෝ ඉහත අදහස්‌ පළ කළේය.
මේ අවස්‌ථාවට පරිසර සංවිධාන එකමුතුවේ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන, රුක්‍ෂාන් ජයවර්ධන, නයනක රන්වැල්ල, පුබුදුවීරරත්න, සංජීව චාමිකර යන මහත්වරු ඇතුළු පිරිසක්‌ එක්‌වූහ.

http://www.lankatruth.com/sin/index.php/news/local-news/12186-2011-08-10-06-11-08

No comments:

Post a Comment