Tuesday, August 23, 2011

ලොරියෙන් කොළඹ ආ අලි පැටවා අලි අමාරුවක

බලපත‍්‍රයක් නොමැතිව, එක් විදුලි පහනක් පමණක් දැල්වෙන ලොරියකින් රැගෙන ගිය අලි පැටවකු , පරිසරවේදීන්ගේ ඉල්ලීම අනුව අද රාත‍්‍රී වැලිකඩ පොලිසියට ගෙන ගොස් මඳ වේලාවකින් පසුව සුප‍්‍රසිද්ධ හිමිනමකගේ දුරකථන ඇමතුමකට අනුව නිදහස් කැර තිබේ. පරිසරවේදීන් යළි කරුණු පැහැදිලි කිරීමෙන් පසු එම ලොරිය අත්අඩංගුවට ගන්නාලෙස මුර සංචාරයේ නිරත සියලූම පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව ඊට සුළු වේලාවකට පසු නාරාහේම්පිටදි පරිසරවේදීන් පිරිසක් යළි පොලීසියේ සහය ඇතිව ලොරිය අත් අඩංගුවට ගැනිනි. වන නිලධාරින් එහි පැමිණ බලපත් ඉල්ලූ නමුත්, අලියාගේ බලපත‍්‍රය හෝ ප‍්‍රවාහන බලපත‍්‍රයක් කිසිම බලපත‍්‍රයක් ඉදිරිපත් කර නැත.ඒ අනුව අලි පැටවාත්, පැටවා ගෙනයමින් සිටි තිදෙනාත් ලොරියත් වන නිලධාරීන්ගේ භාරයට ගැණිනි. වැඩිදුර පරීක්ෂණ වන ජීවී දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් අංශය මගින් පවත්වයි.




Source : http://www.thambapanne.net/?p=2234#more-2234

No comments:

Post a Comment