Tuesday, September 4, 2012

වික්ටෝරියා - රන්දෙනිගල - රන්ටැඹේ අභය භුමිය තුල අලි පැටවකු මිය යයි.



ශ්‍රී ලංකාවේ ඡෛව විවිධත්වය මනාවට සුරකි වන සතුන්ගෙන් ගහන වික්ටෝරියා - රන්දෙනිගල - රන්ටැඹේ අභය භුමියේ කුරුදු ඔය අසබඩ මාර්ගය ආසන්නයේ 2012.09.01 දින පෙ.ව 9.00 ට පමණ මිය යන ලද අලි පැටවකු එම අභය භූමියේ සංචාරයේ යෙදුන වයිල්ඩි රීචි පරිසර කණ්ඩායමට හමු විය.

අවට ගමිවාසීන් විසින් මිය යන ලද අලි පැටවා පිළිබද වන ජීවී නිලධාරීන් වෙත එදින උදෑසන දැනුම් දී ඇති අතර ඊට හේතුව ලෙස ගමිවාසීන් දන්වා ඇත්තේ අසල මාර්ගයේ ගමන් ගත් වාහනයකට හසු වී අලි පැටවා මිය ගොස් ඇති බවය.

මිය යන ලද අලි පැටවා ආසන්නයේ කුපිත වූ වැඩිහිටි අලින් තිදෙනෙකු  ප්‍රචන්ඩව හැසිරීම හේතුවෙන් අලි පැටවා නිරීක්ෂණය කිරීමට පැටවා ආසන්නයට ලගා වීම තරමක් දුෂ්කර වුවද, වන නිලධාරීන් විසින් වේඩි ගසා ඔවුන් ඉවතට පලවා හැර පැටවා පරීක්ෂා කිරීමට ඉඩ සලස්වා ගන්නට සිදු වීය.

වන නිලධාරී විඡේකෝන් මහතාගේ අනගි සේවය හා උපකාරයද සමග අලි පැටවා නිරීක්ෂණය කල වයිල්ඩි රීචි හි පරිසරවේදීන් වන අප හට, අලි පැටවා එදින පාන්දර 3-4 අතර කාලයේදී මිය ගොස් ඇති බවත්, ශරීරයේ පිටතින් පෙනෙන්ට කිසිදු තුවාලයක් හෝ අස්ථි භග්නයක් හෝ නිරීක්ෂණය නොවීය. එසේම අලි පැටවා උස අඩි හතර හමාරක් පමණ වන  බවත් වයස අවුරැදු 3 ත් 4ත් අතර වන පසුවන බවත් වන නිලධාරී විඡේකෝන් මහතා පැවසීය. ඒ මෙහොත වන විටත් පැටවාගේ සිරුරේ උණුසුම පැවති බව වයිල්ඩී රීචි හි අප වෙත අනාවරණය විය.

එම ප්‍රදේශය භාරව සිටින පශු වෛද්‍ය නිලධාරීවරයා අනුරාධපුර ප්‍රදේශයේ වෙනත් අත්‍යාවශ්‍ය රාඡකාරී කටයුතත්තකට යොමු වී සිටීම හේතුවෙන් මෙම ලිපිය ලියන මොහොත වන තුරුද, අලි පැටවාගේ මරණ පරීක්ෂණනය පවත්වා ඊට හේතුව අනාවරණය කර ගෙන නොතිබුනි.

ඉතා කුඩා වයසක පසුවන අලි පැටවුන් මරණයට පත් වීමට  බොහෝ විට පණුවන් ආසාදනය වීම හා තල් ඇට ගිල දැමීම ද හේතු විය හැකි බව අප කළ විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය. ඒ අනුව මෙම අලි පැටවාගේ මරණය රිය අනතුරකට ලක් වීම හෝ වෙනත් රෝගී තත්වයක් විය හැකි බව අපගේ අදහසයි..

කෙසේ නමුත් වන අලි සමිපත සුරකීම අපගේ මෙහෙවරක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය කඩිනමින් සිදුකර අලි පැටවාගේ මරණයට හේතුව අනාවරණය කර ගන්නා තුරු වයිල්ඩි රීචි අප බලා සිටින්නෙමු.





No comments:

Post a Comment