Monday, August 8, 2011

අලි සංගණනයේ අරමුණ ආගමික ස්ථානවලට දෙන්න අලි ඇතුන් 300ක් සෙවීමයි - වනජීවී ඇමති

වනජීවී දෙපාර්තමේන්තුව විසින් ලබන 11 වැනිදා දිවයින පුරා ආරම්භ කිරීමට නියමිත අලි සංගණනයේ අරමුණ ආගමික ස්ථාන සඳහා අවශ්‍ය දළ ඇතුන් සෙවීම බව ගොවිජන සේවා සහ වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ අනුරාධපුර පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.




දළදා මාලිගාව, පෙරහැර පවත්වන විහාරස්‌ථාන හා දේවාලවලට අලි සහ ඇත් පැටවුන් ලබා දෙන ලෙසට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් කර තිබෙන ඉල්ලීමක්‌ අනුව මෙම තීරණයට එළැඹ ඇති බවත් ඒ අනුව අලි සහ ඇත් පැටවුන් 300ක් පමණ ඒ සදහා ලබාදීමට අලි සංගණනයෙන් පසු කටයුතුකරන බවත් ඒ මහතා එහිදී පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, " දළදා කරඩුව වඩම්මන, දළදා පෙරහැරට සම්බන්ධවන ඇතුන්ගේ අඩුවක් තියනවා කියා අපට දන්වා තිබෙනවා. අලි සංගණනයේදී හොද ඇත්තු හමුවෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. සංගණනයෙන් පසු අපි ඔවුන් පූජා කරනවා. දළදා මාළිගාවට විතරක් නොවෙයි විහාරස්ථාන සහ දේවාල වලටත් ඇත්තු ඉල්ලා තිබෙනවා.

මෙම කටයුත්ත කුමන විරෝධතා සහ බාධා පැමිණියද සිදුකරන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, " සමහර සංවිධාන, සත්ව හිංසා සංවිධාන විවිධ කතා කියනවා. මොනවා කරන්න ගියත් බාධා එනවා. මොන බාධා ආවත් අපි මේ දේ කරනවා. පන්සල් වලට, ආගමික ස්ථානවලට අවශ්‍ය අලි ප්‍රමාණය අපි දෙනවා. ඉතිහාසයේ ද්වන්ධ සටන් කරලා තියෙන්නෙත් අලි ඇත්තු පිට ගිහිල්ලා. මෑතක සිට මොනවා කරන්න ගියත් ඊට හරස්වන පිරිසක් ඉන්නවා. " යැයි පැවසීය.

http://www.lankatruth.com/sin/index.php/news/local-news/12158-2011-08-08-04-40-35

No comments:

Post a Comment