Monday, August 8, 2011

පරිසරවේදින් අලි සංගණනය වර්ජනය කරයි

අලි සංගණනය හරහා අලි ඇතුන් ආගමික ස්ථාන සහ පෞද්ගලික අයිතියට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාකලාපයට විරෝධය පාමින් එම සංගණනයෙන් ඉවත්වීමට පරිසර සංවිධාන රැසක් තීරණය කර තිබේ.


මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙහ ලංකාවේ ඇත් පරපුරට එල්ල කරන බලවත් තර්ජනයක් බවයි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

"ආණ්ඩුව වනගත අලි ඇතුන් හීලෑකර දලදා මාලිගාව ඇතුළු දේවාල සහ පෞද්ගලික අයිතියට පවරන්න දරණ උත්සාහයට අපි විරුද්ධයි. මෙම සංගණනය හරහා ලංකාවේ ඉන්න ඇත් පරපුරට යම් හානියක් වෙනවා නම් අපි ඊට එකහෙළාම විරුද්ධ වෙනවා. එනිසා මෙම සංගණනය වර්ජනය කිරීමට පරිසරවේදීන් ලෙස අපි තීරණය කර තිබෙනවා.

2008 වසරේදීත් වත්මන් ආණ්ඩුව ගෙනාව අලි සංරක්ෂණ ප්‍රතිපත්තියේත් අලි ඇතුන් කිලෝමීටර් 50 කොටුවලට කූඩු කර එම වැටවලින් පිටත පනින අලි ඇතුන් කලහකාරී අලි ඇතුන් ලෙස නම්කර ඔවුන් පෞද්ගලික අයිතියට පවරන බව සදහන් කර තිබෙනවා. ඇමතිවරයා පවසන ආකාරයට එහි පියවරක් ලෙස තමයි මෙම සංගණනය පවත්වන්නේ. එහෙම සංගණන තියනවාට අපි විරුද්ධයි. එනිසා මෙම අලි සංගණනයට පරිසරවේදීන් එන්නේ නැහැ. සංගණනයට සහභාගීවන්න බලාපොරොත්තුවෙන් ඉන්න පරිසර හිතකාමීන් ඉන්නවානම් ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මෙය වර්ජනය කරන ලෙස."

http://www.lankatruth.com/sin/index.php/news/local-news/12159-2011-08-08-05-54-53

No comments:

Post a Comment