Tuesday, September 13, 2011

සංවර්ධනය මුවාවෙන් සෝමාවතිය මරු කටට

මහවැලි නිම්නයේ ජීවත්  වන විල් අලියා ගේ  සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය  ජාතික වනෝද්‍යානයේ  ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක්ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින්පවතී. 
පොළොනන්රුදිස්ත‍්‍රික්කයෙ,්වැලකි න්ද ප‍්‍රාදේශයී ලේකම් කොට්ඨාසයට අයත් කන්දකාඩුපෙ‍්‍රද්ශයේ මේ මහාපරිමාණ  වනාන්තර  එළි  පෙහෙළි  කිරීම  සිදු  වේ.බැකෝ  යන්ත‍්‍ර  යොදා  ගෙන  හය  සිය  දෙනකු  ගේ  පමණ  ශ‍්‍රම දායකත්වයෙන් මේවනාන්තර විනාශය සිදු වේ. මහවැලි ගඟ හා සම්බන්ධ කන්දකාඩුව ඇළ ආසන්නයේ සිටමහවැලි ගඟ දක්වා පිහිටි තෙත් විල්ලූ, වියළි සදාහරිත වනාන්තර හා ගංගාශ‍්‍රිතවනාන්තර සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර මේ වගා බිම් ව්‍යාප්ත කර ඇත.
සෝමාවතිය  ජාතික  වනෝද්‍යානයට  අයත්  ඉඩම්  මෙලෙස  මහා  පරිමාණයෙන්  විනාශ  කරනු  ලබන්නේ  ඇමරිකාවේ කැලිෆෝනියා  ප‍්‍රාන්තයේ  වෙස්ට්  ලේක්  විලේජ්හි  පිහිටි  ‘ඩෝල්’  නම්  මහා  පරිමාණ  බහු  ජාතික  සමාගමේ  ලංකාවේහවුල්කාර සමාගම වන ”ලෙට්ස් ග්‍රෝ” නම් ආයතනය විසිනි. මේ සමාගමේ හිමිකරුවන්වන්නේ හිටපු ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්  දෙදෙනකු වන ප‍්‍රමෝදයවික‍්‍රමසිංහ හා මුත්තයියා මුරලිදරන් ය. ඔවුන් මේ ඉඩම් ලබාගෙන  ඇත්තේ යුදහමුදාවෙනි. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයේ පැවැති මේ වනාන්තරමුදාගැනීමෙන් පසු ව යුද හමුදාව භාරයේ පැවැතිණි. මුදාගැනීමෙන් පසු ව ඔවුන් ඒප‍්‍රදේශවලින් ඉවත් වී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා සිවිල්පරිපාලනයට නතු කිරීම වෙනුවට කෙළේ වනාන්තරය එළි පෙහෙළි කිරීම ය. පළමු ව යුදහමුදාව විසින් ම මෙහි වගා බිම් ඇති කරන ලදී. අද වන විට එල්.ටී.ටී.ඊ.පුනරුත්ථාපන රැඳවියන් යොදාගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආශ‍්‍රිත වනාන්තරඅක්කර 3500ක් පමණ එළි කර ගොවිපොළක් ආරම්භ කර ඇත. ඉන්පසු ව ලෙට්ස් ග්‍රෝසමාගමට වනාන්තර අක්කර  11600  ක්  යුද  හමුදාව විසින්  වගා  කිරීම  සඳහාදෙනු ලැබ  තිබේ.  පළමු අදියරේ  දී මේ සමාගම වනාන්තර අක්කර 5000 ක් පමණ එළිකර කෙසෙල් වගාව ව්‍යාප්ත කර ඇති අතර, ඉදිරියේ දී සත්ත්ව ගොවිපොළක් ඇතිකිරීම හා කෘෂි සංචාරක කර්මාන්තය :්ටරද ඔදමරසිප* ක‍්‍රියාත්මක කිරීමටත් මේසමාගම සැලැසුම් කර තිබේ. රටක් දියුණු වීමට නම් මෙවැනි දෑ සිදු කළ යුතු බවඅපි අවිවාදයෙන් පිළිගනිමු. එහෙත් ඒ සඳහා වනජීවීන් වෙනුවෙන් වෙන්කළ ජාතිකවනෝද්‍යානයක, වන සතුන් බොහොමයකට රැුකවරණය සලසන මහවැලි ගෙඟ් පෝෂක ප‍්‍රදේශභාවිතයටගන්නේ නම් ඉන් සිදු වන හානිය, ලැබෙන ප‍්‍රතිලාභවලට වඩා ඉතා විශාල ය.
මේ ව්‍යාපෘතිය යහපත් ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට මේ සමාගමේහිමිකරුවන්ට සැබෑ වුවමනාවක් තිබුණේ නම් ලංකාවේ දැනට පවතින පාරිසරික නීතිඋල්ලංඝනය කරමින් සිදු නො කර, ඊට සුදුසු ඉඩම් තෝරාගෙන විධිමත් පරිදික‍්‍රියාත්මක කළ හැකි ව තිබිණි. එසේ නොමැති ව නීතිවලට පිටතින් යමින් කටයුතුකළ සමාගමක්, ඉදිරියේ දී රටට යහපත් යමක් සිදු කරනු ඇතැ යි සිතිය නො හැකි ය.
ඩෝල් සමාගමේ ඉතිහාසය දෙස බැලූව ද එය කළු ඉතිහාසයක් ඇති සමාගමක් බව පෙනේ.ලෝකයේ රටවල් 90 ක පමණ  එළවළු  හා  පළතුරු  නිෂ්පාදන  300  කට  වැඩි  ප‍්‍රමාණයක්  නිපදවන  මේ  සමාගම,  2005  වසරේ  දී  ඊකෝලයි රෝගකාරකය  ඇමරිකාවේ  ජනපද  26  ක  ව්‍යාප්ත  කිරීමට  දායක  වී  තිබේ.  සලාද  කොළ  මඟින්  මේ  රෝගකාරකය ඇරිසෝනා, කැලිෆෝනියා, මිනසෝටා, නිව්යෝක් ඇතුළු ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට හවුල් වී තිබේ. මීට අමතර ව නිකරගුවාවේ ඩෝල් සමාගමට අයත්වගා බිම්වල 1985දී ඇමරිකාවේ තහනම් කළ ඩයිබ්‍රෝමො ක්ලෝරෝ ප්‍රොපේන් නම්පළිබෝධ නාශකය අධික ව භාවිත කර තිබේ.එහිප‍්‍රතිඵලයක් ලෙස සේවකයන් වඳ භාවයට පත් ව තිබේ. එහි සේවකයන් විසින් මේසමාගමට එරෙහි ව නඩු පවරන ලදී. එහෙත් සමාගම සේවකයන්ට මුදල් ලබා දී, තමන් එකීසමාගමට අයත් ඉඩම්වල සේවය කළ අය නො වන බවට අධිකරණය ඉදිරියේ දී ප‍්‍රකාශ ලබාදී තිබේ. පසු ව 2009 වසරේ  දී  මේ  නඩුවේ  අගතියට  පත්  පාර්ශ්වය  වෙනුවෙන්  පෙනී  සිටි  නීතීඥ  ජුවන්  ඩොමින්ගෙස්  අසත්‍ය  සාක්ෂ්‍යඉදිරිපත් කිරීම, සාධාරණත්වයට අවහිර කිරීම, අධිකරණයට වංචා කිරීම හා ඇමරිකාසමාගමකට එරෙහි ව කුමන්ත‍්‍රණ කිරීම ආදී අපරාධ ගණනාවක් සම්බන්ධයෙන්විමර්ශනයකට භාජනය  කැරිණි. ඩෝල් සමාගමේ මුදල් බලය ඉදිරියේ සාධාරණත්වයවෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකුට අවසානයේ සිදු වූයේ මෙවන් ඉරණමකට මුහුණ පෑමටයි.
නිකරගුවාවේ, ඩෝල් සමාගමේ සේවකයනට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ස්වීඩන්ජාතික ෆ්‍රෙඩි‍්‍රක් ගර්ට්න් විසින් වාර්තා චිත‍්‍රපටයක් නිපද වූ අතර, එයලොස්ඇන්ජලිස් චිත‍්‍රපට උලෙළේ තිරගත කැරිණි. ඊට එරෙහි ව ඩෝල් සමාගමලොස්ඇන්ජලිස් අධිකරණයේ නඩුවක් ගොනු කෙළේ ය. 2010වසරේ දී එය ප‍්‍රතික්ෂේපකළ අධිකරණය, මේ චිත‍්‍රපටය ඇමරිකාවේ පෙන්වීමට අවස්ථාව ලබා දුන් අතර, චිත‍්‍රපට නිෂ්පාදකයාට ඩොලර් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට ඩෝල් සමාගමටනියෝග කෙළේ ය.
මෙවන් අපකීර්තිමත්  සමාගමක්  ලංකාවේ  මහා පරිමාණ වගා කටයුතු  සඳහාආයෝජනය කිරීම  පිළිබඳ  ව හා රටට ගෙන්වා ගැනීම පිළිබඳ ව රටේ අනාගතය පිළිබඳ වසිතන පිරිසක් ලෙස අපි කනගාටු වෙමු. පසුගිය ජුලි දෙවන දා වනජීවී සංරක්ෂණදෙපාර්තමේන්තුව, සෝමාවතිය ජාතික  වනෝද්‍යානයේ මේ සමාගම යටතේ ඉඩම් එළි කිරීමසිදු කරන ‘නුවන් ලක්ෂිත’ නමැත්තා අත් අඩංගුවට ගත් නමුත් ඔහු අධිකරණය වෙතඉදිරිපත් නො කර මුදාහැරියේ මන්දැයි අපට ගැටලූවකි.

අද  වන විට  වනජීවී  නිලධාරීන්ට පවා මේ වනාන්තර ප‍්‍රදේශයට  පිවිසීමට  නො  හැකි  තත්ත්වයට  පත්  වී  ඇත.  යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේමේ වනාන්තරය ඩෝල් සමාගමේ ලාංකීය හවුල්කරුවා වන ලෙට්ස් ග්‍රෝ සමාගම මඟින්වේගයෙන් එළිපෙහෙළි කර ගෙන යනු ලැබේ. ඒ සඳහා පොළොන්නරුව, වැලිකන්ද ආදීප‍්‍රදේශවලින් ශ‍්‍රමිකයන් බස්රථ දෙකක් මඟින් ව්‍යාපෘති භූමිය වෙතප‍්‍රවාහනය කරනු ලැබේ. අද වන විට කෙසෙල් පැළ සිටුවා ඒවාට මහවැලි ගෙඟ් හාකන්දකාඩුව ඇළෙන් ජලය පොම්ප කැරේ.

මේ  වගා  බිම්  ව්‍යාප්ත  කර  ඇත්තේ  මහවැලි  ගෙඟ්  පිටාර  බිම්වල  ය.  මේ  පිටාර  බිම්වල  බෙරු  තණ  ඉතා  හොඳින් වැඩෙන  අතර, ඒවා අලි -  ඇතුන්  ගේ ප‍්‍රධාන  ආහාරය  වේ. තව  ද මහවැලි  ගෙඟ් ගලා ගෙන  එන රොන්මඬ  මේප‍්‍රදේශවල තැන්පත් වීමෙන් අලි ඇතුන්ට ඉතා පෝෂ්‍යදායී තෘණ ආහාරයට ලැබේ. මේහේතුවෙන් අලි - මිනිස් ගැටුම සාපේකෂ ව අඩු මට්ටමක පවතී. මේ ප‍්‍රදේශයේවනාන්තර ප‍්‍රමාණය, තෘණබිම් ප‍්‍රමාණය හා ජල රැුඳවුම් ප‍්‍රමාණය අලි -ඇතුනට ඉතා යෝග්‍ය මට්ටමක පවතී. එහෙත් මේ ව්‍යාපෘතියත් සමඟ ම ඒ තත්ත්වය උඩුයටිකුරු වෙමින් පවතී.
මහවැලි ගඟ මේ ප‍්‍රදේශයේ දී අස්ථායී ව ගමන් කරන අතර, වැසි කාලයට විල්ලූහරහා නව මං තනමින් පැතිරී යයි. එහෙයින් මේ ප‍්‍රදේශයේ ක්ෂුද්‍ර වාසස්ථානබහුතරයක් දැකගත හැකි අතර, ඒවාට බොහෝ ජීවීන් අනුවර්තනය වී තිබේ. දැනට වගාබිම් සඳහා විනාශ කර ඇත්තේ මේ වාසස්ථාන සමස්තය යි. එපමණක් නො ව මහවැලි ගෙඟ්ඉවුරු පවා ඩෝසර් මඟින් විනාශ කර තිබේ.

ඉදිරියේ  දී  මහා  පරිමාණ  කෙසෙල්  වගාවට  හා  සත්ත්ව  ගොවිපොළට  භාවිත  කරන  පළිබෝධනාශක,  රසායනික පොහොර ඇතුළු විවිධ දෑ නිසා සෝමාවතිය ජාතිකවනෝද්‍යානයේ ජීවීන්ට හා මහවැලි ගඟ, කන්දකාඩුව ඇළ දැඩි
තර්ජනයකට ලක් විය හැකි ය.


වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව  1986 සැප්තැම්බර් 02 වන දින අංක 417/5දරන ගැසට් නිවේදනයෙන් සෝමාවතිය ජාතික වනෝද්‍යානයක් ලෙසප‍්‍රකාශයට පත් කරන ලදි.පසු ව 1987මැයි 09වැනි දින අංක 453/30ගැසට්නිවේදනය මඟින් තවත් වනාන්තර හෙක්ටයාර 16,589ක් ජාතික වනෝද්‍යානයට එක්කැරිණි.ඒ අනුව අද වන විට ජාතික වනෝද්‍යානයට අයත් සමස්ත භූමි ප‍්‍රමාණයහෙක්ටයාර 37,645 ක් පමණ වේ.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතාආරක්ෂක ආඥා පනතේ 05 සහ 06 වගන්ති සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් මේ  නීතිවරෝධී වගා කටයුතු සිදු කැරේ. ජාතික  වනෝද්‍යානයකට අනවසරයෙන්  ඇතුළුවීම,  එළිකිරීම,  වගාබිම්  ව්‍යාප්ත  කිරීම  යන  මේවා  සියල්ල  නීති  විරෝධී  ක‍්‍රියාවන්  වන  අතර අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නො හැකි වරදකි. එහෙත් මේසමාගමේ මුදල් බලයත්, යුද හමුදාවේ රැුකවරණයත් හේතු කොට කිසිදු සිවිල්නීතියකට යටත් නො වී මේ හානිකර වගා බිම් ව්‍යාප්තිය සිදු වෙයි. එවන්තත්ත්වයක් රට තුළ පවතින්නේ මක් නිසා දැ යි අපි ප‍්‍රශ්න කර සිටිමු.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් වී මේ වගා ව්‍යාපෘතියඉවත් කිරීමට පියවර නොගත හොත්,සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වනාන්තර ඉඩම්සියල්ල ඊනියා සංවර්ධනයට සම්පූර්ණයෙන් ම ගොදුරු විය හැකි බව අපි කල්තියාඅන්තරාය අඟවමු.


සජීව චාමිකර

No comments:

Post a Comment