Tuesday, September 13, 2011

සිංහරාජය හරහා පාර කැපීමට යුනෙස්කෝවේ අවධානයට

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස පැරිසීයේ පිහිටි ලෝක උරුම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. ශ‍්‍රී ලංකා යුනිස්කෝ ජාතික කොමිසන් සභාවේ ලේකම් ජෙනරාල් ආර්.පී.පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ  ලෝක උරුමයක් වු සිංහරාජය ආරක්‍ෂා කිරීම රජය සතු වගකීමක් බවයි. එසේ නොමැති වුවහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වනු ඇතැයි ඔහු පවසයි.


සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීම පසුගිය දා ආරම්භවූ අතර  කලවානේ සිට රක්වාන දක්වා කිලෝමීටර් 06 ක දුරක් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.

උපුටා ගැනීම : http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=7601:2011-09-13-05-40-38&catid=1:2010-11-08-15-13-52&Itemid=50

No comments:

Post a Comment