Thursday, April 19, 2012

ලංකාවට අවේනික කොතල හිඹුටු රට පටවන්න හදයි

ශ්‍රී ලංකා‍වේ ආරක්ෂිත ශාකයක් ලෙස සැළකුණු කොතල හිඹුටු ශාකය අපනයනය කිරීමට රජය මැදිහත්වෙන බව පරිසරවේදී, නීතීඥ ජගත් ගුණවර්ධන මහතා චෝදනා කරයි.


2009 අංක 22 දරණ සංශෝධනය මඟින් Salacia reticulata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර තිබේ. එම වගන්තියට අනුව එම ශාකය සිය ගෙවත්තේ හෝ වෙනත් ඉඩමක හෝ කැළෑවක වැවුනද එය කපා සකස්කිරීමට හෝ අපනයනය කිරීමට හෝ නීතියෙන් අවසර නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. එවන් තත්ත්වයක් පැවතියද වනජීවී සහ ගොවිජන සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් එම නීතිය ලිහිල් කිරීමට උත්සාහ දරා ඇතැයි ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

දේශීය කොතල හිඹුටු ශාකය ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදන සඳහා විදෙස් සමාගම් විසින් පේටන්ට් බලපත්‍ර 116ක් පමණ මේ වනවිට ලබාගෙන ඇති අතර කොතලහිඹුටු ශාකයට අදාලව වැඩිම පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් හිමිකරගෙන ඇත්‍‍‍තේද ජපානයයි. Source: Thambapanne.Net


http://youtu.be/N49p4F-9Fas


කොතලහිඹුටු ජපානයට පැටවීමේ ජාවාරමක් (http://sinhalaya.com/news/sinhala/2012/04/20/6328/)
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතින් ආරක්ෂිත ශාක බවට නම් කර ඇති කොතල හිඹුටු ශාකය ජපානයට පැටවීමේ ජාවාරමක් පිළිබඳව පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා විසින් පෙන්වා දෙයි.

මේ පිළිබඳව ඒ මහතා දැක්වූ අදහස් සහිත හඬ පටය ජාතික හෙළ උරුමය මාධ්‍ය ඒකකය විසින් අප වෙත එවා ඇත.

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇතැයි පැවසෙන ලිපිය









කොතල හිඹුටු වලට නීතිවිරෝධි අවසරයක් (http://www.nethfm.com)

පවතින නීති උල්ලංඝනය කරමින් අපනයන අරමුණින් කොතල හිඹුටු වගාකිරීමට ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යංශය ආයෝජනය මණ්ඩලයට අවසර ලබාදී තිඛෙනවා. එම අමාත්‍යංශයේ ලේකම් උදේනී වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කරනු ලැබ ඉකුත් මස 23 වනදා ලියන ලද ලිපියක දැක්වෙන්නේ කොතල හිඹුටු අස්වනු නෙලීමට, වේලීමට, ප්‍රවාහනය හා ගබඩා කිරීමටද ආයෝජන මණ්ඩලයට අවසර ලබාදෙන බවයි. එවැන්නක් සිදුවුවහොත් පාරිසරික හානියක් මෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථීක අවාසියක්ද සිදුවන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා. ඒ මහතා නෙත් ඩේ ටයිම් නිවුස් සම`ග කළ සංවාදයක කොටසක් මේ..........

කොතල හිඹුටු ශාකය දේශීය වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර ස`දහා යොදා ගැනෙනවා. ඒ, මදුමේහය, චර්ම රෝග, සෙංගමාලය සහ ඇතැම් සමාජ රෝගවලට ඖෂධයක් ලෙසයි. මදුමේහය සමනය කළ හැකි ඖෂධීය ගුණාංගවලින් කොතලහිඹුටු සමන්විත බව පසුකාලීන පරීක්ෂණවලින්ද තහවුරු වුණා. ඒ ඇසුරෙන් කෙරෙන නිෂ්පාදනවලට විදෙස් රටවල සමාගාම් විසින් ලබාගෙන ඇති පේටන් බලපත්‍ර සංඛ්‍යාව සියයකට වැඩියි.

No comments:

Post a Comment