Thursday, July 12, 2012

අලි 400 කට වෙඩි තියලා

කවුඩුල්ල සහ මින්නේරිය ජලාශ ආශ්‍රිතව ගැවසෙන වන අලින්ගෙන් හාරසියයකට වැඩි සංඛ්‍යාවක් වෙඩි වැදුණු තුවාල සහිතව සිටින බව වනජීවී වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා අනාවරණය කරයි.

 ඔහු "මව්බිම" ට පැවසුවේ මෙම ජලාශ දෙන ආශ්‍රිතව ගැවසෙන වන අලින් 500 කගෙන් 400 කටත් වැඩි සංඛ්‍යාවක් වෙඩි වැදුණු කැළැල් හා තුවාල ඇති හඳුනාගෙන තිබෙන බවයි.

 මේ ජලාශවල ජාල මට්ටම අඩුවීමක් සමග ජලාශ රක්ෂිතයේ වැවී ඇති නැවුම් තෘණ ආහාරයට ගැනීමට පැමිණ සිටින වල්අලීන්ගේ සංඛ්‍යාව 500 ක් පමණ බවද කීය.

 මින්නේරිය ජලාශය ආශ්‍රිතව වල්අලින් 200 ක් පමණ ගැවසෙති. මේ අලින්ගේ වෙඩි වැදුණු තුවාල, කැළැල් දැක ගත හැකි යයි කී ඒ මහතා, තුවාල ඇති වල්අලින් සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට පියවර ගත බවද පැවසීය.

රෂිනි මෙන්ඩිස්, පල්ලේපොල - නිමල් වල්පිට (http://www.mawbima.lk/news-detail.php?news_id=3066&news_category_id=35)

No comments:

Post a Comment