Monday, January 7, 2013

උඩවලවෙන් ඇත් පැටවෙක්‌ පැහැර ගනී

අමල් උඩවත්ත (http://www.vidusara.com/2013/01/02/news2.html) උඩවලව ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ අවුරුදු 3ත් 4ත් අතර වයස්‌ ප්‍රමාණයක්‌ ඇති ඇත් පැටවකු දෙසැම්බර් 18 වැනි දින පැහැරගෙන ගොස්‌ ඇතැයි වනජීවී ආරංචි මාර්ග පවසයි. උඩවලව තණමල්විල මාර්ගයේ කිලෝමීටර් 5ත් 22ත් අතර ප්‍රදේශයේ දී මේ ඇත් පැටවා පැහැරගෙන ඇත. උද්‍යානයේ විදුලි වැට මෑත් කර ලොරියක්‌ අද්‍යානය තුළට ගොස්‌ පැටවා පටවා ගෙන ඇති බැව් එම ආරංචි මාර්ග පවසයි. අලි වැට අසල ප්‍රදේශයේ සටහන් ව තිබුණු පැටවා ගේ පා සලකුණු අනුව එම පැටවා ගේ වයස අවුරුදු 3ත් 4ත් අතර ප්‍රමාණයක්‌ වෙතැයි පැවසෙයි. මෙය උඩවලව ජාතික උද්‍යානයේ සිට අලි පැටවුන් පැහැර ගෙන ගිය දෙවැනි අවස්‌ථාව වන අතර පසුගිය ඔක්‌තෝබර් මාසයේ දී ඇති අතුරු සෙවණට නුදුරු වීරසිංහතුඩුව ප්‍රදේශයේ දී නැවත ඇත් පැටවෙකු පැහැර ගෙන ගොස්‌ ඇත.

No comments:

Post a Comment